Headlines

    ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ?..

    මාර්ගස්ථ ක්‍රමයට මත්පැන් බෙදාහැරිමට, මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබුණ හොත් පමණක් අවසර ලබා දිමේ හැකියාවක් ඇති බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා සඳහන් කළේ, වයින් ස්ටෝස් නැමැති ස්ථානවලින් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ලබා ගැනීම සඳහා මත්පැන් කර්මාන්තයේ නියුතු ආයතන , ජාලගත සුපිරි වෙළෙඳසැල් මෙන්ම මත්පැන් පාරිභෝගිකයන් විසින් සුරාබදු දෙපාර්තමේන්තුවටඉදිරිපත් කළ විවිධ ඉල්ලිම් සැළකිල්ලට ගනිමිනේ මෙම අවසරය දීමට යෙදුනු බවයි.

    එහි දී මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබුණු පසු මාර්ගස්ථ ක්‍රමයට මත්පැන් බෙදාහැරිම සඳහා ඉතාමත් ම සීමිත කෝන්දේසි සහගත අවසරයක් පමණක් ලබා දිමට හැකි බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

    සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, සියළු ආයතන, සුපිරි වෙළඳසැල් විසින් ඉදිරිපත් කළ ඉල්ලිම් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව සිය නිරීක්ෂණ හා නිර්දේශ මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කළ බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *