Headlines

    සුරාබදු ආදායම රු. බි. 17ක වර්ධනයක්

    පසුගිය වසරට සාපේක්ෂව වසරේ ගතවූ කාලසීමාව තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 105ක් උපයා ගැනීමට හැකියාව ලැබී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කළේ, මෙය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 17ක වර්ධනයක් බවය.

    “සුරාබදු දෙපාර්තමේන්තුව 2024 ජූනි 30 වන විට අපි ප්ලෑන් කරපු විදියට රුපියල් බිලියන 105ක් අපි හොයාගෙන තියෙනවා. ඒක ගිය අවුරුද්දේ මේ කාලය වෙද්දි රුපියල් බිලියන 88යි අපි හොයාගෙන තිබුණේ. එතකොට අපි රුපියල් බිලියන 17ක වර්ධනයක් අපි අත්පත් කරගෙන තියෙනවා.අපි බලාපොරොත්තු වුණා බිලියන 20ක වර්ධනයක් මේ මාස 6 ඇතුළත. තිබුණු ස්වභාවික විපත් හේතුවෙන් අපේ ප්‍රධාන නිෂ්පාදනාගාරයක ප්‍රශ්න කිහිපයක් ඇති වුණා. ඒ නිසා අපිට බිලියන 3ක විතර හානියක් වුණා. එහෙම නොවෙන්න අපි සැලසුම් කරපු විදියට බිලියන 107ක ඉලක්කයකට යනවා. ඒ අනුව 20%කට ආසන්න වර්ධනයක් අපි ගිය අවුරුද්දට සාපේක්ෂව අත්පත් කරගෙන තියෙනවා. එය සුවිශේෂී ජයග්‍රහණයක්.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *