Headlines

    දකුණු අප්‍රිකාව Oxford-AstraZeneca කොවීෂීල්ඩ් එන්නත දීම අත්හිටුවයි.

    දකුණු අප්‍රිකාව, Oxford-AstraZeneca කොරෝනා මර්දන එන්නත ලබාදීම අත්හිටුවා තිබේ. ඒ එරටින් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව එම එන්නතෙන් ලබාදෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින් දකුණු අප්‍රිකා බලධාරීන් මෙම තීරණය ගෙන ඇති හෙයිනි.

    එරට විශ්විවිද්‍යාලයක් විසින් පුද්ගලයන් 2,000 ක් පමණ යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යනයකින් පසු සෞඛ්‍ය බලධාරීන් මෙම තීරණය ගෙන ඇති අතර ඇස්ට්‍රා සෙනෙකා -ඔක්ස්ෆර්ඩ් එන්නත වෙනුවට , Johnson & Johnson සහ Pfizer සමාගම් නිෂ්පාදනය කළ කොරෝනා මර්දන එන්නත් සිය සෞඛ්‍ය සේවකයන්ට ලබාදෙන බව දකුණු අප්‍රිකාව ප්‍රකාශ කර ඇත.

    නමුත් AstraZeneca කොවීෂීල්ඩ් එන්නත හා Pfizer-BioNTech එන්නත එක්සත් රාජධානියෙන් හමුවූ නව එන්නත් ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවට ද හෙළි වී තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *