Headlines

    ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කළ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකු අත්අඩංගුවට

    බ්‍රිතාන්‍ය රාජ්‍යයේ සිට ත්‍රස්තවාදී කණ්ඩායමකට මුදල් එකතු කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ අදාළ සැකකරු විසින් එලෙස එක් රැස් කළ මුදල් කොළඹ හා වන්නි ප්‍රදේශයේදී බෙදා හැර ඇති බවය.

    අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 43ක් වන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිව සිට 2009 වසරේදී මෙරටින් පිටව ගොස් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා ගත් අයෙකි. 

    කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් විදෙස් ගමන් තහනම් නියෝගයක් මත සැකකරු ඊයේ (30) කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී ආගමන හා විගනන අංශය සිය භාරයට ගෙන ගුවන්තොටුපොළ පොලීසිය දැනුවන් කර තිබේ.

    ඒ අනුව ගුවන්තොටුපොළ පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    සිද්ධිය සම්බන්ධව ගුවන්තොටුපොළ පොලීසිය හා කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *