Headlines

    විල්පත්තුවෙන් මියගිය ඩොල්ෆින් මසුන්ගේ සිරුරු හමුවෙයි

    මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා ඇති බවට මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    පසුව, අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ චන්දන ජයසිංහ මහතා සහ ඩබ්. එල්. යූ. මධුවන්ති යන වනජීවී පශු වෛද්‍යවරු විසින් මසුන්ගේ මරණ පරීක්ෂණය සිදුකර ඇත. 

    එහි මියගිය ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු සිට ඇති අතර මසුන්ගේ සිරුරු පරික්ෂා කිරීමෙන් පසු වෛද්‍යවරු අනුමාන කර ඇත්තේ මෙම සතුන් දැලක පැටලී මියගොස් වෙරළට ගොඩගසා ඇති බවටය.

    අදාළ තොරතුරු පෙරේදා (07) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. 

    කෙසේවෙතත් එය වැඩිදුරටත් සනාථ කරගැනීම සඳහා වාර්තාවක් ලබාගැනීමට සතුන්ගෙන් ලබාගත් සිරුරු කොටස් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමුකර තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *