Headlines

    sp

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13ක පුද්ගලයින් 4623ක් පීඩාවට

    දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 104ක පුද්ගලයින් 4,623ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි. අද (31) සහ පසුගිය දෙදින තුළ බලපෑ වැසි සහ තද සුළං හේතුවෙන් සිදු වූ ආපදා පිළිබඳ පැහැදිලි කරමින් එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (පූර්ව දැනුම්දීම්) රවී ජයරත්න මහතා මේ බව දන්වා සිටියේය. මෙම අයහපත්…

    Read More

    මුම්බායි අවසන් සටන පෙනෙන මානයට

    ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවති Eliminator තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 20ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. රාත්‍රී තරගයක් ලෙස චන්දිගාර් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 228ක් රැස්කළේය. කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ගුජරාට් කණ්ඩායමට ලකුණු 229ක ජයග්‍රාහී ඉලක්කයට පිළිතුරු…

    Read More

    ඩෙංගු සහ විකුන්ගුන්යා වසංගත තත්ත්වයක

    ඩෙංගු හා චිකුන්ගුන්යා යන රෝග දෙකම මේවන විට වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, හිටපු සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියේ මෙම රෝග දෙකම බෝ කරනු ලබන්නේ එකම මදුරුවාගෙන් බවය. වෛද්‍යවරයා තවදුරටත් පවසා සිටියේ රෝග දෙකෙහිම රෝග ලක්ෂණ මුල් අවස්ථාවේ දී බොහෝදුරට සමානයි බවය. මේ අතර…

    Read More

    රට පුරා විදුලි බිඳ වැටීම් 50,000ක්

    රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ පෙපෙදා (29) රාත්‍රී 8.00 සිට ඊයේ (30) රාත්‍රී 8.00 දක්වා වූ කාලය තුළ විදුලි බිඳ වැටීම් සම්බන්ධව පැමිණිලි 50,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ ලැබී ඇති විදුලි බිඳ වැටීම් පැමිණි අතුරින් මේ වන විට 14,030කට…

    Read More

    සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද

    මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව එම නම් සඳහන් ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (31) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 17 වනදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින්, පළාත්…

    Read More

    අදත් තද සුළං හා ගිගුරුම් සහිත වැසි

    අද (31) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු- මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්…

    Read More

    දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

    දිස්ත්‍රික්කට අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස මෙම නිවේදනය නිකුත් කර…

    Read More

    නීතිවිරෝධීව දේශසීමා පනින්න ගිය ලාංකිකයන් තිදෙනෙකු ඇල්බේනියාවේදී අත්අඩංගුවට

    ව්‍යාජ ලියකියවිලි සමග දේශසීමාව හරහා යාමට උත්සාහ කළ ශ්‍රී ලංකික පුරවැසියන් තිදෙනෙකු ඇල්බේනියාවේ කෝර්සාහිදී දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔවුන්ගේ ගමනාන්තය ඉතාලිය වන බවත් ඔවුන් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් කාෆේ තානේ දේශසීමා හරහා ගමන් කිරීමට තැත් කර ඇති බවත්ය. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 57, 51 සහ 36 හැවිරිදි වියේ…

    Read More

    මධ්‍යම කඳුකරයට වැස්සෙන් දැඩි බාධා – ආපදා රැසක්

    හැටන් –  කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට අද (27) දින අලුයම ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි. හැටන් පොලීසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබූ ගස් කපා ඉවත් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර ඇත. හැටන්…

    Read More

    මාස 5ක් තුළ මෙරටට පැමිණි සංචාරකයින් මිලියනය ඉක්මවයි 

    2025 වසරේ මුල් මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මැයි මාසයේ 25 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,006,097ක් බව එම අධිකාරිය පවසයි. තවද එම අධිකාරිය පැවසුවේ මැයි මාසයේදී මැයි 25 දක්වා තවත් සංචාරකයින් 109,213 පැමිණ ඇති බවය.

    Read More