Headlines

    sp

    දිස්ත්‍රික්ක 10කට නායයෑම් අනතුරු ඇඟවීමක්

    පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එමෙන්ම මහනුවර, නුවරඑළිය, රත්නපුර, ගාල්ල, කෑගල්ල, හම්බන්තොට, මාතර සහ…

    Read More

    ගංවතුර අවදානම සහිත ප්‍රදේශ මෙන්න

    පවතින අයහපත් කාලගුණය හේතුවෙන්  කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා අවට පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව, කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර මේ හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, අයගම, ඇලපාත සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්…

    Read More

    උසස් පෙළ අසමත් දරුවන්ට යන්න පුළුවන් පාර පෙන්වයි

    මේ වනවිට නිකුත් කර තිබෙන උසස් පෙළ විභායේ ප්‍රතිඵලවලට අනුව කිසිම දරුවෙක් සමත් වුවත් අසමත් වුවත් ඔහු පරාජිතයෙකු නොවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඒ බව සඳහන් කළේය. “ඊයේ ආපු උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව කිසිම දරුවෙක් සමත්…

    Read More

    ඇෆ්ගනිස්තානයේ බෝට්ටු අනතුරකින් 20ක් අතුරුදන්

    නැගෙනහිර ඇෆ්ගනිස්තානයේදී සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු දියේ ගිලී අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ගංගාවක් හරහා ගමන් කරමින් තිබු බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි. අනතුරෙන් පුද්ගලයන් පස් දෙනෙකු දිවි බේරාගෙන ඇති බව සඳහන් ය. අතුරුදන්වූවන් අතර කුඩා ළමුන් ද වන බව වාර්තා වෙයි. ඔවුන් සොයා එරට මුදාගැනීමේ අංශ විශේෂ…

    Read More

    ගංවතුර ගැන දැනුම්දීමක්

    සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදයක් වාර්මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි. වැඩි විස්තර පහතින්,

    Read More

    පැරිස් ඔලිම්පික් උළෙලේදී ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ පාපන්දු තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ තරුණයෙකු, ප්‍රංශ ආරක්ෂ අංශ අත්අඩංගුවට ගෙන තිබේ. තවත් සති කිහිපයකින් ආරම්භ වීමට නියමිත 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළ 18 හැවිරිදි තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගැනීමට ප්‍රංශ ආරක්ෂක අංශ කටයුතු කර ඇත. ඒ, ප්‍රංශයේ සොන්ත්…

    Read More

    IS සබඳතා පැවැත්වූ සැකකරු අල්ලන්න කොළඹදී කළ මෙහෙයුම

    ISIS ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පැවැත් වූ බවට චෝදනා ලබා ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් සිවුදෙනාව මෙහෙයවූ  ප්‍රධානියා ලෙස සැලකෙන ඔස්මන් ජෙරාඩ් නමැත්තා ඊයේ (31) රාත්‍රියේ කොළඹදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එක්ව සිදුකළ මෙහෙයුමකදීය. ISIS සංවිධානය සමග සම්බන්ධ බවට චෝදනා ලබා ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සමග…

    Read More

    බස් සහ ත්‍රීවිල් ගාස්තු අඩු කරන්න බැහැ කියයි

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් අඩු කළේය.  එම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගම සිය මිල ගණන්ද සංශෝධනය කර ඇති අතර සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබුණි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති…

    Read More

    දෙවන පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

    20 -20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු දෙවන පුහුණු තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි. ඒ අයර්ලන්තය පරාජය කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනු අයර්ලන්තය පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවි ලකුණු 163ක් රැස්කර ගත්තේය. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී…

    Read More

    ඉන්ධන මිල වෙනස් වෙයි

    අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී.  ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව…

    Read More