Headlines

    sp

    කැලඹුණු කාලගුණයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

    යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 26ක් වාර්තා වී තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළේය. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 41 ක් මේ වනවිට තුවාල ලබා ඇති බවය. එසේම දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 262ක පවුල්…

    Read More

    ලිට්‍රෝ සහා ලාෆ්ස් ගෑස් මිල පහළට

    ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790කි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,525කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල…

    Read More

    විදුලිබල පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (04) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව විදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත්, එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. පනත් කෙටුම්පත පිළිබද…

    Read More

    ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

    අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ පූර්ණ වශයෙන් හානි වූ නිවාස රජයේ වියදමෙන් සහ ත්‍රිවිධ හමුදා සහාය ඇතිව යළි ඉදිකර දීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඊයේ (03) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඊට අනුමැතිය හිමිව ඇති බව වාර්තා…

    Read More

    කාලගුණයේ අලුත්ම තත්ත්වය

    දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (04) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ…

    Read More

    මේ දක්වා ආපදා මරණ 16ක්

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය වැඩිදුරටත් වාර්තා කරන්නේ මේ වනවිට පවුල් 21,353ක පුද්ගලයින් 84,749ක් පීඩාවට පත්ව ඇති බවය.

    Read More

    එජාප ය මැතිවරණය ඉලක්ක කර නව නිලධාරී මණ්ඩලයක් පත්කරයි

    එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් පත් කරගනු ලැබීය. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස්විය. එහිදී ජාතික මැතිවරණ සංවිධායක ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ගනු ලැබූ අතර ජාතික ලේකම් වශයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා…

    Read More

    ගංවතුරේ නවතම නිවේදනය එළියට

    ගංවතුර තත්ත්වය පිළිබඳව නවතම නිවේදනය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ කළු ගඟ පුටුපාවුල සහ ඇල්ලගාව ප්‍රදේශයෙනුත් කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙනුත් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පවතින බවය. එසේම මෙම ගංවතුර තත්ත්වයේ වර්ධනයක් තවදුරටත් සිදුවන බව එම නිවේදනයේ දැක්වෙයි. මේ අතර නිලවලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පවතින අතර එයද වර්ධනය වෙමින්…

    Read More

    කලාප කිහිපයක පාසල් සඳහා හෙටත් නිවාඩු

    ගම්පහ, කැලණිය අධ්‍යාපන කලාපවල සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් සඳහා හෙට දිනයේ නිවාඩු ලබාදී ඇත. පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ. මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ රත්නපුරය, කැගල්ල, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බවය. කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයට අයත් පාසල්…

    Read More

    ලිට්‍රෝ ගෑස් මිල පහළට

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ. හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව ඇත. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ සංශෝධිත මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත්කරන බවය.

    Read More