Headlines

    sp

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරයට විජයදාස

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාව පත්කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය අද පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රසිද්ධ හෝටලයකදී කැඳවා තිබූ විධායක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇතිබව වාර්තාවිය.

    Read More

    පාස්කු ප්‍රහාරයට වසර 5ක් සපිරෙයි

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි. ඒ අනුව, කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා යැදුම් පාගමන ඊයේ මධ්‍යම රාත්‍රිය පුරා පැවැත්වුණි. 2019 වසරේ අප්‍රේල් මස 21වන දින පාස්කු ඉරුදිනයේ අන්තවාදීන් කණ්ඩායමක්…

    Read More

    ඉතිහාසගත රන් පදක්කම දිනා දුන් නාගලිංගම් අභාවප්‍රාප්ත වෙයි

    ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවට මුල්ම රන් පදක්කම දිනා දුන් නාගලිංගම් එදිරිවීරසිංහම් අභාවප්‍රාප්ත වී තිබේ.  ඔහු 1958 ටෝකියෝහි පැවැති තුන්වැනි ආසියානු ක්‍රීඩා උලෙළේදී උස පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට එම රන් පදක්කම දිනා දුනි. යාපනයේ පදිංචිව සිටි ඒ මහතා මියයන විට 89 වැනි වියේ පසුවූ අතර මියයන විට ඔහු පදිංචිව සිටියේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරය.

    Read More

    සිරිසේන පිල සහ සිරිපාල පිල ගැටෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය කැඳවූ රැස්වීමක් පැවති ස්ථානයට ගොස් විරෝධය පළකීරිමට එහි වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කණ්ඩායම අද (20) කටයුතු කර තිබුණි. එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පැවසුවේ පක්ෂයේ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීම නීත්‍යානුකූල නොවන බවය.  ශ්‍රී ලංකා…

    Read More

    හදිසියේම බස්නාහිරට නව ආරක්ෂක වැඩපිළිවෙලක්

    බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් මේ වන විටත් පුහුණු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. පසුගිය වසර 3 තුළ බස්නාහිර පළාතේ පොලිස්බල ප්‍රදේශ 25ක ඝීග්‍රයෙන්…

    Read More

    ශ්‍රී පාද ආරක්ෂිත වැටෙන් පැන්න පුද්ගලයා සොයා මෙහෙයුම්

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රී පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදී ආරක්ෂිත වැටෙන් පහළට පැන තිබේ. ඒ බව අසල තිබු සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණි. තරුණයා සොයා මේ වනවිට ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් අද (20) උදෑසන සිට ශ්‍රී පාද උඩමළුව රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර තිබේ.

    Read More

    සර්වෝදය නිර්මාතෘ නික්ම යයි

    සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරුණි. සර්වෝදයේ ප්‍රධාන මූලස්ථානයේ තැන්පත් කර තිබු ඒ මහතාගේ දේහය අද පෙරවරුවේ සිදුකෙරුණු ආගමික වතාවත්වලින් අනතුරුව රිය පෙරහැරකින් කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙනවිත් තිබුණි. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු මැතිඇමතිවරුන්, රාජ්‍ය…

    Read More

    පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් නොකී කතාව

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ලබාදුන්, මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු හා මූලාශ්‍ර පිළිබඳ සිරිල් ගාමිණි පියතුමන් අද (20) මාධ්‍යයට අනාවරණය කළේය. හිටපු පොලිස් නිලධාරියකු යුටියුබ් නාලිකාවකට ලබාදුන් බව කියන සම්මුඛ සාකච්ඡාවක්ද උපුටා දක්වමින් පියතුමන් මෙම කරුණු ප්‍රකාශ කර තිබුණි. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා “ඥානාර්ථ ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන…

    Read More

    හිටපු ජනාධිපති ට එරෙහි නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනි තබාගනී

    හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින් මෙම ගිනිතබා ගැනීම සිදුකරගෙන ඇති බවය. ගිනි තබා ගැනීමට හේතුව කුමක්ද යන්න අපැහැදිලි බව පොලීසිය පවසා ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ජූරි සභාවට ඉදිරිපත් වන අවස්ථාවේදී මෙම ගිනි තබා ගැනීම සිදුකර ගෙන ඇති…

    Read More

    මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට

    නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ විදේශ ජාතික කාන්තාවක් සහ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් වෑන් රථයක් පරීක්ෂාවට ලක් කිරිමේදී එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19කට ආසන්න ප්‍රමාණයක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ…

    Read More