
ප්‍රශ්නගත ඖෂධ සිද්ධියට අදාළව තවත් පෙත්සමක්
හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගැනීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 66 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය….