Headlines

    Blog

    පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් උදෑසන 7 සිට වර්ජනයක – තැපැල් වර්ජනය තවදුරටත්

    රජයේ මංගල අයවැය හරහා රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව අද පෙරවරු 7 සිට දිවයින පුරා සියලු රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේය. පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු…

    Read More

    ශ්‍රී ලංකා  – නවසීලන්ත කාන්තා තෙවන 20යි 20 තරගය අතහැර දමයි

    සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තෙවන සහ අවසන් 20යි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලබාදුනි. ඒ අනුව ඔවුන් පන්දුවාර 14යි එක්පන්දුවක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 101ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාදා…

    Read More

    ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තද වැසි

    බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල අද (18) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. බස්නාහිර,…

    Read More

    රු කෝටි 12කට අධික දුම්වැටි තොගයක් වරායේ ගබඩාවක

    නීතිවිරෝධී ලෙස මෙරටට ආනායනය කරන ලද රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් සොයාගෙන තිබේ. කොළඹ වරාය පරිශ්‍රයේ ගබඩාවක තිබී එම දුම්වැටි තොගය සොයාගෙන තිබුණේ රේගු ආදායම් කාර්ය සාධක බළකායේ නිලධාරීන් විසින්ය. එහිදී දුම්වැටි  713,000ක පමණ තොගයක් සොයාගෙන ඇත. රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දුම්වැටි එක්සත් අරාබි එමීර් රාජයේ සිට පාදුක්ක ප්‍රදේශයේ සමාගමකට ආනයනය…

    Read More

    ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ. අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම ඇත.

    Read More

    පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වේ. අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය. පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීම මෙලෙස අද දිනයෙන් ආරම්භ වන අතර නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ අතර…

    Read More

    හිඟ මුදල් සහිතව වැඩිහිටි දීමනාව මාර්තු 20 වනදා සිට

    අඩු ආදායම්ලභී වයස අවුරුදු 70ට වැඩි ප්‍රතිලාභීන්ට රජය විසින් ලබා දෙන රුපියල් 3,000ක වැඩිහිටි දීමනාව 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට හිඟ දීමනා ද සහිතව ගෙවීමට රජය තීරණය කර තිබේ. වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, චතුර මිහිදුම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මාර්තු මස 20 වනදා සිට අදාළ ගෙවීම් සිදුකරන බවය. අස්වැසුම්ලාභී වැඩිහිටියන්ට එම දීමනාව…

    Read More

    ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 29ක්

    මීට වසර 29කට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගන්නේ අද (17) වැනි සුවිශේෂී දිනයක වීම ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට නම් කිසිදා අමතක නොවනු ඇත. 1996 වසරේ පැවති එක්දින ලෝක කුසලන අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේය. පාකිස්තානයේ ලාහෝර් නුවර…

    Read More

    මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ පළමු ගමන සාර්ථකයි

    චීනයේ නිෂ්පාදිත TP1000 නම් මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, Shandong පළාතේ දී සිය පළමු ගුවන් ගමන සාර්ථකව දියත් කර තිබේ.  මෙය ගුවනේ සිට භාණ්ඩ බෙදා හැරිය හැකි චීනයේ නිෂ්පාදිත ප්‍රථම මිනිසුන් රහිත මහා පරිමාණ ප්‍රවාහන ගුවන් යානාවයි.   ‍ඩ්‍රෝන යානාවල ගුවන්ගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව, චීනය මෙම ගුවන් යානය සම්පූර්ණයෙන්ම ස්වාධීනව පර්යේෂණ කරමින් නිෂ්පාදනය කර…

    Read More

    E-8 රැකියා ලබා දෙන පවසා රුපියල් මිලියන 03ක් වංචා කළ සැකකරු අල්ලයි 

    දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 03කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබී ඇති අතර ඔහු අධිකරණ නියෝග පැහැර හරිමින් සිටින පුද්ගලයෙකු බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. E-7 සහ E-8 කාණ්ඩය යටතේ රැකියා…

    Read More