Headlines

    Blog

    USAID ශ්‍රී ලංකාවේ කළ වියදමක් ගැන අමෙරිකාවෙන් දොස්

    ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට වැඩමුළු පැවැත්වීම සඳහා USAID ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක මුදලක් වැය කර ඇතැයි අමෙරිකානු රජය අනාවරණ කරයි. ට්‍රම්ප් පරිපාලනය මෙය හඳුන්වාදී තිබුණේ අමෙරිකානු ජනතාවගේ බදු මුදල් නාස්තිකරන විකාරරූපී වියදමක් ලෙසය.  USAID ලොවපුරා සුබසාධන සහ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට මුදල් වෙන්කළ ප්‍රධාන ස්වාධීන ආයතනයකි.  වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය යටතේ එම ආයතනයේ කාර්යමණ්ඩලය…

    Read More

    ලුණු අර්බුදය උග්‍ර වෙයි ද ?

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන අංශය බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ මේ හේතුවෙන් රටේ ලුණු හිඟය තවත් උග්‍රවනු ඇති බවය. ලුණු ආනයනය කිරීම සඳහා ලබා දී ඇති කාලසීමාව මේ මස 28 වනදායින් අවසන් වන බවද ගණක අමරසිංහ…

    Read More

    අද දින සිට නුවරඑළියට මල්තුහීන

    අද (8) දින සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කෙසේ නමුත් අද දිනයේ ද දිවයිනේ බොහෝ…

    Read More

    DeepSeek තහනම් කිරීම පිළිබඳ චීනයෙන් ප්‍රතිචාර

    අමෙරිකාව, ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් චීනයේ DeepSeek නම් AI යෙදවුම භාවිතකිරීම අවදානම් යැයි පවසමින් එම යෙදවුම තහනම් කිරීමට ගෙන ඇති තීරණයට චීනය සිය ප්‍රතිචාර දක්වා තිබේ. දත්ත පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව චීන රජය ඉතා වැදගත් ‍කොට සලකන බවත්, එහි නීත්‍යානුකූල බව  සහතික කරන බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා…

    Read More

    කුරුණෑගල – පුත්තලම මාර්ගය වසාදැමීම පිළිබඳ දැනුම්දීමක්

    පුත්තලම දුම්රිය මාර්ගයේ සැතපුම් 83 දම්වැල් 55 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කුරුණෑගල – පුත්තලම මාර්ගයේ එම ප්‍රදේශය අද (7) දිනය සම්පූර්ණයෙන් වසාදැමීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. මෙම අළුත්වැඩියා කටයුතු හේතුවෙන් ඊයේ දිනයේද මෙම ප්‍රදේශය වසා දමා තිබුණි. මේ පිළිබඳ නිවේදනයක් නිකුත්කරමින් දුම්රිය සේවය වැඩිදුරටත් පවසා සිටියේ, හෙට…

    Read More

    මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරන බව සඳහන්ය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වෙයි.

    Read More

    ස්ටොයිනිස් එක්දින පිටියට සමුදෙයි

    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව ලබන මස පාකිස්තානයේදී ආරම්භවන ‘චැම්පියන්ස් කුසලාන’ ක්‍රිකට් තරගාවලියෙන් පසු මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට ඔහු බලාපොරොත්තු වේ. 35 හැවිරිදි ස්ටොයිනිස් ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් එක්දින මෙන්ම විස්සයි20 තරග රැසක් නියෝජනය කර ඇති තුන්ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු එක්දින තරග 71කදී ලකුණු…

    Read More

    අමෙරිකාවේ තීරණය ශ්‍රී ලංකාවට වාසියක් – ප්‍රතිභා මහානාම

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ මස 24 වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ගෙනආ යෝජනාවට අභියෝගයක් එල්ල කළ හැකි බවය. අචාර්ය…

    Read More

    අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

    අද (07) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    Read More

    අරගල සමයේ ගිනි ගත් නිවාසවලට ලබාගත් වන්දි එළියට

    අරගලය පැවැති 2022 වසරේ ගිනි ගත් නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හෙළි කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ලබාගෙන ඇති වන්දි මුදල්වල සමස්ත වටිනාකම රුපියල් කෝටි 122.41ක් බවය. මේ අතරින්, කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959ක් වන්දි මුදල් ලෙස ලබාගෙන ඇති…

    Read More