Headlines

    Blog

    අපනයන වෙළෙඳපොළ වෙනුවෙන් කාබනික සීනි නිෂ්පාදනය කිරීමට අවධානය

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (03) ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට එක් විය. එහිදී මෙම කර්මාන්තශාලාවල මේ වනවිටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් Eco Tourism ප්‍රවර්ධනය කිරීමටත් දැනට ලංකාව තුළ සිදුවන නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට විසඳුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනිවල…

    Read More

    සතොස හරහා වී මිලදී ගැනීමට රජය සැරසෙයි

    මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ වරින්වර රට තුළ සිදුවන සහල් හිඟය අවසන් කිරීමට සහ මිල පාලනය කිරීම සඳහා රජය මැදිහත් වී ගොවියාට සහතික මිලක් ලබා දීමට කටයුතු කරන…

    Read More

    කොට්ටහච්චිට අපහාස කළ හිටපු මන්ත්‍රීට ඇප

    ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස කළ බව කියන මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතා ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළේය. සැකකරු ඊයේ (03) කොළඹ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ සටහනක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්…

    Read More

    ටෙස්ලා අලෙවියට අභියෝග කළ BYD

    ලෝකයේ විද්‍යුත් වාහන අතර ප්‍රමුඛයා වන ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ මෝටර් රථවල ගෝලීය අලෙවිය ගතවූ 2024 වසරේදී ප්‍රථම වරට පහත වැටෙද්දී, චීන වෙළෙඳපොළ තුළ ටෙස්ලා වාහන අලෙවිය 2024 වසරේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. 2024 වසරේදී ටෙස්ලා විද්‍යුත් වාහන 6,57,000ක් චීනයේ අලෙවි වී තිබෙන්නේ 8.8%ක කැපී පෙනෙන වර්ධනයක් සලකුණු කරමිනි. අමෙරිකාව හැරුණුකොට ටෙස්ලා විද්‍යුත් වාහන…

    Read More

    මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 130,000 ගැන තීරණයක්

    මෙතෙක් කල් මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස්වී ඇති රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසයි. ඔහු පැවසුවේ ඒ අනුව මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000ක් පමණ ජනවාරි මස ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බවය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා…

    Read More

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම බදු ආදායම රැස් කරයි

    දේශීය ආදයම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කිරීමට සමත්ව තිබේ. දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනුයේ එය රුපියල් මිලියන 1,958,088ක් බවය. මෙය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 392,229ක වැඩි වීමක් වන අතර එහි වර්ධන වේගය සියයට 25.1ක් බවද එම නිවේදනයේ සඳහන් ව තිබේ.

    Read More

    කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් ඊයේ (03) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42 ක් ලෙසින් සටහන් වුණි. මේ අතර S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 46.05 කින් පහළ ගොස් ඒකක 4,925.82 ක් ලෙසින් වාර්තා…

    Read More

    සීගිරියේ සංචාරක ගැටලු විසඳීමට සාකච්ඡාවක්

    දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් අද (03) විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්විණි. මේ සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් සහභාගී වී තිබේ. මෙම සාකච්ඡාවේදී ප්‍රවේශ පත්‍ර…

    Read More

    තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්කිරීම ගැන රජයෙන් නිවේදනයක්

    තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. තානාපති කාර්යාල කිහිපයක සිදුකර තිබූ දේශපාලන පත්වීම් නව රජය පත්වීමෙන් අනතුරුව අවසන් කිරීම හේතුවෙන් කාර්යාල කිහිපයකම පුරප්පාඩු පවතින බව එම නිවේදනයේ දැක්වේ. එම පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය අවසන් වීමට සාධාරණ කාල අවකාශයක් ගත වෙන අතර එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදාළ නිවේදනයේ මෙලෙස දැක්වේ.

    Read More

    ප්‍රධාන ජලාශ වල ජල ධාරිතාව 86% ඉක්මවයි

    පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වනවිට දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 33ක් වාන් දමමින් පවතින බවය. දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව අනුව අම්පාර දිස්ත්‍රික්කයේ 79%ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 95%ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ 71%ක්, මඩකළපුව, මොණරාගල, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල…

    Read More