Headlines

    Blog

    සහල් මෙට්‍රික්ටොන් 75,000ක් ආනයනය කර අවසන්

    අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ නවතම තොරතුරු පෙන්වා දෙයි. ඉන් මෙට්‍රික්ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර, මෙට්‍රික්ටොන් 43,000ක් නාඩු සහල් බව වාර්තා වෙයි. සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය එළැඹෙන ජනවාරි මස 10 දින දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය දා පියවර…

    Read More

    දකුණු කොරියානු ගුවන් අනතුරින් මිය ගිය පිරිස තවත් ඉහළට

    පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබේ. කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.  දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. කෙසේ නමුත් දකුණු කොරියානු බලධාරීන් සැක පළකර ඇත්තේ බේරාගත්…

    Read More

    චෝලන් ලෝක වාර්තාව තැබූ සස්නුලගේ මීළඟ ඉලක්කය

    “චෝලන් ” ලෝක වාර්තාවක් තැබීමට 11 හැවිරිදි පාසල් සිසුවෙක් පසුගියදා සමත් වුණි. ඒ ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි සස්නුල සෙහන්ස නම්  සිසුවාය. ඔහු රූබික් කියුබ් 1200ක් භාවිත කරමින් ජනාධිපතිවරයාගේ රුව නිර්මාණය කොට එලෙස ” චෝලන් ” ලෝක වාර්තාවක් තැබීමට සමත් විය. සස්නුලගේ මීළඟ ඉලක්කය වන්නේ රූබික් කියුබ් එක් ලක්ෂ විසිදහසක් භාවිත කරමින් ගිනස් ලෝක වාර්තාවක් තැබීමටය.

    Read More

    අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

    අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙස හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඔහු පැවසුවේ ලුණු හිඟයක් පිළිබඳ මේ වන විට කතා බහක් නිර්මාණය වී ඇතැයිද මේ හේතුවෙන් ජනතාව බියට පත් වී ලුණු තොග වශයෙන් නිවෙස් වෙත ගෙන ගොස් තැන්පත් කර ගැනීම් සිදුකරන බවය. ඔහු මෙම අදහස්…

    Read More

    ගංවතුරෙන් කඩුවෙල යටවීම වැළැක්වීමට විශේෂ පියවරක් 

    කැලණි ගඟේ ගංවතුර හේතුවෙන් කඩුවෙල නගර සභා ප්‍රදේශ යටවීම පාලනය කිරීම සඳහා විශේෂ පියවර කිහිපයක් ගෙන තිබේ. ඒ අනුව ඒ අවට පහත් බිම් ගොඩ කිරීම සහ ඒ ආශ්‍රිත සිදුකෙරෙන වැලි කැණීම් කටයුතු පෙරේදා (27) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී මේ සම්බන්ධව තීරණය ගත් බව එම කමිටු සභාපති පාර්ලිමේන්තු…

    Read More

    නීතිවිරෝධීව රට තුළට  මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට ජනපතිගෙන් තීරණ රැසක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පැවැත්විණි.  මෙහිදී මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන්තොටුපළ පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට…

    Read More

    ටින් මාළු සඳහා පාලන මිලක්

    ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ටූනා ග්‍රෑම් 425 ටින්මාළු එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් වේ.  මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල රුපියල් 180ක් වන අතර ග්‍රෑම් 425ක උපරිම සිල්ලර මිල රුපියල් 420ක් ද වේ. තවද ජැක් මැකරල් ශුද්ධ…

    Read More

    මගී ප්‍රවාහන බස් රථ පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක්

    දිවයිනේ රිය අනතුරු අවම කර ගැනීම සඳහා උත්සව සමය මූලික කරගනිමින් විශේෂ රථවාහන මෙහෙයුමක් පොලීසිය විසින් ක්‍රියාවට නංවා තිබේ. මෙම මෙහෙයුම මගින් දුර ගමන් සේවා බස් රථ රියදුරන් මාර්ග නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධවය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබේ. එහිදී මගී බස් රථ පරික්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරීන් රාජකාරි යොදවා…

    Read More

    LTTEය සමග සටන් විරාමයකට ගිය හේතුව රනිල් කියයි

    2001 වසරේදී තමාට LTTE සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹීමට සිදුවූයේ එවක ආර්ථික මරමස්ථානවලට එල්ල වූ ප්‍රහාර හමුවේ සිදුවූ ආර්ථික පසුබෑම හමුවේ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන්දීය හිටපු අග්‍රමාත්‍යවරයෙකු වන අතල් බිහාරි වාජ්පායි මහතා වෙනුවෙන් සංවිධාන කෙරෙන 7වන අතල් බිහාරි වාජ්පායි දේශනයට ඊයේ (27) එක්වෙමින් ඔහු මේ බව පැවසීය. මෙහි ප්‍රධාන දේශනය පවත්වනු…

    Read More

    කුරුඳුවලින් රටට හොඳ කලක්

    මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරක මෙට්‍රික් ටොන් 25,000ක් පමණ වන අතර, ඉන් මෙට්‍රික් ටොන් 19,000කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි. කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා පවසා සිටියේ, දැනට…

    Read More