Headlines

    Blog

    විදුලි ගාස්තු සංශෝධනයට කුමක් වෙයිද ?

    විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට අදාළ වාචික සැසි ලබන 27 වනදා සිට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අදාළව ඉදිරිපත් කළ ප්‍රතියෝජනාව පිළිබදව මෙම සැසිවලදී මහජන අදහස් ලබා ගැනීමට නියමිතය. ඉදිරි මාස 6ක කාලය…

    Read More

    නොවැම්බර් මාසයේ සමස්ත අපනයන ආදායම ඉහළට

    වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වී තිබේ. එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 0.04%ක වර්ධනයක් ද වේ. ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන…

    Read More

    CEB ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ පළමු ග්‍රිඩ් උපපොළ ජාතික විදුලිබල පද්ධතියට

    අභිනවයෙන් ඉදිකරන ලද වගවත්ත ග්‍රිඩ් උපපොළ, ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි. පසුගිය 19 වනදා එය සිදුකළ බව සඳහන් වේ. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වගවත්ත සහ මිල්ලනිය කර්මාන්ත කලාපවලට විදුලිය සැපයීම සඳහා මෙම ග්‍රිඩ් උපපොළ ඉදිකර ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් රුපියල් මිලියන 2,300 ක මුදලක්…

    Read More

    සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසගත පිම්ම

    කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඊයේ (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය. ඊයේ පෙ.ව. 11:45 එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට ය. ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වීය.

    Read More

    පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

    2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර එළැඹෙන වසරේ 02 වැනි බ්‍රහස්පතින්දා දින ආරම්භ වන බවය. එමෙන්ම සියලු ම පාසල්වල තෙවන පාසල් වාරය එළැඹෙන ජනවාරි 24 දින අවසන් වන බවත්…

    Read More

    රාජ්‍ය අංශය ඩිජිටල් කිරීම එළැඹෙන වසරේ සිට

    එළැඹෙන වසරේ දී මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. කොළඹ ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එමඟින් මෙරට විශාල සමාජ පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවය.  “අපි ලබන වසරේ සිට සූදානම් වෙනවා අපේ…

    Read More

    ඉදිරි ඡන්දෙට පොහොට්ටුව තනියෙන් එයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තනිව තරග කිරීම කෙරෙහි අවදානය යොමුව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත් එම පෙරමුණේ ප්‍රධානතම හවුල්කාරී පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය සමග පමණක් ගිවිසුම් ගත වීමේ අවධානය යොමුවී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය සහ විධායක සභාව පසුගිය…

    Read More

    හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්‍රිවිධ හමුදාව අද සිට ඉවතට

    හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ. පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. ඒ අනුව අද දිනයේ…

    Read More

    ගැසට්ටුව එන තෙක් සහල් ආනයනය යළි බෑ

    සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. පෞද්ගලික අංශය සඳහා සහල් ගෙන්වීමට ලබා දී තිබු කාලය පසුගිය 20 වැනිදායින් අවසන් වු අතර ඒ වන විට මෙරටට සහල් මෙට්‍රික් ටොන් 67,000ක ප්‍රමාණයක් ආනයනය කර තිබුණි. කෙසේ වෙතත් රජය පසුගියදා සඳහන්…

    Read More

    ඇල්බේනියාවේ TikTok තහනමක්

    TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබේ. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම තහනම එළැඹෙන ජනවාරි මාසයෙන් ආරම්භ වන බවය. ඇල්බේනියාවේ මෙම TikTok කහනම ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාසයේ පාසලක 14 හැවිරිදි  සිසුවෙකුට සිදුකළ පිහි…

    Read More