Headlines

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස මහින්ද සිරිවර්ධන යළි වැඩ භාරගනී

    මුදල්, ක්‍රමසම්පාදන  සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය.  භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවලිය සාර්ථක කර…

    Read More

    එඩිතර විපක්ෂයක් නම් හැමදාම විපක්ෂයේ ඉන්න වෙන්නේ නැහැ – දිලිත්

    ප්‍රශස්ත විපක්ෂයක් නිර්මාණ කළොත් ආණ්ඩුවකට වඩා වැඩක් කළ හැකි බව සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එඩිතර විපක්ෂයක් නම් හැමදාම විපක්ෂයේ සිටීමට සිදු නොවන බවය. ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වය යටතේ සර්වජන බලයෙන් ‘පදක්කම’ ලකුණින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ විශේෂ හමුවක් අද (12) වස්කඩුව හෝටලයකදී පැවැති අතර…

    Read More

    නාමල් ට ඇති එකම අභියෝගය කියයි

    මෙරට ගොවීන් සහ ධීවරයින් ආරක්ෂා කිරීම තමන්ට ඇති එකම අභියෝගය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාරපක්ෂ මහතා පවසයි. අලි – මිනිස් ගැටුම අවසන් කිරීමට තම රජයක් තුළ කටයුතු කරන බවද වව්නියාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

    Read More

    කෙහෙළියගේ තවත් බැංකු ගිණුම් දෙකක් අත්හිටුවයි

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජංගම හා ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර තිබේ. අදාළ ගිණුම් දෙකෙහි ශේෂයන්හි එකතුව රුපියල් ලක්ෂ 200ක් පමණ වේ. 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 53(1) වගන්තිය ප්‍රකාරව පෙරේදා (17) දින සිට අදාළ අත්හිටුවීම සිදුකිරීමට නියෝග කර…

    Read More

    උතුරු මැද විභාග ප්‍රශ්නපත්‍ර සිද්ධියට සම්බන්ධ ගුරුවරියගේ වැඩතහනම්

    උතුරු මැද පළාතේ 6 සහ 7 ශ්‍රේණිවල වාර විභාගයේ ප්‍රශ්න කළින් පිට කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුරුවරියකගේ වැඩ තහනම් කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි එම වැඩතහනම් කිරීම සිදුකර ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසීය.  එමෙන්ම වාර විභාගයේ 11 ශ්‍රේණිවල ප්‍රශ්න පත්‍ර කිහිපයක් කලින් පිටකිරීම සම්බන්ධයෙන් ද පොලීසිය පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්…

    Read More

    කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-02) – ඊයේ ආසාදිතයින් 826 යි මරණ 07 යි

    අද දින (02) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 826 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 10 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 816 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (01) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…

    Read More

    මහ පාරේ දී රියැදුරෙකුට පහර දුන් කොස්තාපල් රිමාන්ඩ් කෙරේ..

    ඊයේ (29) දින පන්නිපිටියේදී ලොරි රථ රියැදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ. ඔහු අද නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර ලොරි රථ රියැදුරා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසට ද නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්…

    Read More

    පොලිස් නිල වෙබ් අඩවියෙන් සේවා රැසක්

    ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා අද (27) දින එළිදැක්වීය. ඒ, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී ය. ශ්‍රී ලංකා පොලීසියේ නව වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිසීමෙන් මහජනතාවට එය පරිශීලනය කළ හැකි වන අතර,…

    Read More

    අලුත් දිවුල්වැව ජලාශයේ ජල කාන්දුව යළිත් මතුවෙයි

    වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතුවී ඇති ගලෙන්බිඳුණුවැව අලුත් දිවුල්වැව ජලාශයේ ජල කාන්දුව යළිත් මතුවී තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, වැව් බැම්ම කැඩී යෑමට ඇති අවදානම ද තවදුරටත් පවතින බවය. ගලෙන්බිඳුණුවැව අලුත් දිවුල්වැව ජලාශයේ දකුණු සොරොව්ව වෙත ගමන් කිරීමට සකසා ඇති පස් බැම්මේ ජල කාන්දුව ඇති බව ඊයේ පෙරවරුවේ හඳුනාගෙන තිබුණි.  ජලාශයේ සොරොව්ව පිහිටි ස්ථානය අඩි 27ක…

    Read More

    විදෙස්ගත ශ්‍රමිකයින්ට නිකුත්කළ විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ගැන විගණනයක්

    විදෙස්ගත ශ්‍රමිකයින්ට සම්පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට ක්‍රියාත්මක කළ යෝජනාක්‍රමය සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදුකර තිබේ. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව කථානායක අශෝක රන්වල මහතා අද (05) පැවසීය.   ඒ සම්බන්ධයෙන් 2022 මැයි 01 වනදා සිට 2023 සැප්තැම්බර් 15 වනදා දක්වා ක්‍රියාත්මක කළ එම යෝජනාක්‍රමය ඔස්සේ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් එම විගණනය සිදුකර තිබේ.

    Read More