Headlines

    අස්වැසුම ගැන අලුත්ම ආරංචියක්

    අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය නිවැරදිව හඳුනාගැනීම සඳහා, පරීක්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායක වලට මූලිකත්වය ලබා දී කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් වෙත රජයේ මුදල් පිළිබඳ  කාරක සභාව විසින් උපදෙස් ලබාදී තිබේ. එහිදී උදාහරණ දක්වමින් කාරක සභාව පෙන්වා දී ඇත්තේ නිවෙස් වල පරිභෝජනය කල විදුලි එකක ප්‍රමාණය මත විදුලි බිපත මගින් වඩාත්…

    Read More

    සුපිරි නිවාස සංකීර්ණයේ ඛේදවාචකය – CCTV ඔස්සේ පරීක්ෂණ

    කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක ගැහැනු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ඊයේ (02) රාත්‍රියේ මියයෑම සම්බන්ධයෙන් මේ වනවිට CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වයි. පොලීසිය පැවසුවේ, මෙය සියදිවි නසාගැනීමක් බවට සැකපළ කරන බවය. මොවුන් දෙදෙනා කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිට තිබුණි….

    Read More

    දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුවෙන්ම යෝජනාවක්

    බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර තිබේ. ඒ අනුව අදාළ යෝජනාව කථානායකවරයාට භාරදීම අද (25) දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිතය.

    Read More

    ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්

    අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දැනට එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙන බවය. සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය…

    Read More

    මෙරට වැඩිහිටි ජනගහනයේ ඉහළ යාමක්

    මෙරට වැඩිහිටි ජනගහනය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ, මේ වන විට මෙරට උපතේ දී ආයු කාලය අවුරුදු 79 ඉක්මන බවය. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙම අදහස් පළ කළේය. “අපේ රටේ වියපත් ජනගහනය එන්න එන්න වැඩිවෙනවා….

    Read More

    එළඹෙන අවුරුදු සමය හේතුවෙන් භාණ්ඩ කිහිපයක මිල තවත් අඩු කෙරේ..

    එළඹෙන සිංහල හා හින්දු අවුරුදු සමය හේතුවෙන් භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. වෙළෙඳ ආමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ලබන සඳුදා සිට එම නව මිල ගණන් යටතේ එම භාණ්ඩ දිවයිනේ සෑම සතොස අලෙවි සැලකින්ම මිලදී ගත හැකි බවයි. ඒ අනුව රුපියල් 150ත් 165ත් අතර මිලකට අලෙවි වන දුඹුරු…

    Read More

    මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද

    මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද (01) යි. පසුගිය මස 30 වනදා තැපල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල සහ පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද සලකුණු කෙරුණි. ඒ අනුව අද දිනයේ ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා…

    Read More

    SAITM සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල් ගැන තීරණයක්

    දකුණු ආසියානු තාක්ෂණ ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 2025 ජනවාරි මාසයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය පූර්ව කටයුතු සිදුකිරීමට අගෝස්තු මාසයේ දී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දෙන බව සඳහන් වේ.

    Read More

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් මුල දිවයිනට

    එළැඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එම සංචාරයේදී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසයි.

    Read More

    ප්‍රබල භූකම්පනයක් – රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්

    කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක් හටගෙන තිබේ. ඒ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහාය.

    Read More