Headlines

    අනුර පෙන්නපු ෆයිල් ගොඩක් ඒවා හිස් – ජනපති

    හොරු අල්ලන බව පවසමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලිපිගොනු පෙන්වා සිදුකර ඇත්තේ රැවටීමක් බවත් , ඒ බොහෝ ලිපිගොනු හිස් ඒවා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නීතිඥවරු පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය. “2022 මැයි 09 සිදුවීම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. මේ ගැන කතා කරන්න ජනපති…

    Read More

    පාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

    ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම්දී තිබේ. අගවිනිසුරුවරයා ඉදිරියේ එම දිවුරුම් දීම සිදුකර ඇත. නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරීමට පියවර ගෙන තිබේ….

    Read More

    පොලීසියේ ඉහළ පුටු රැසකට ස්ථානමාරු

    නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය. ඊට අමතරව පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට ද ස්ථාන මරුවීම් ලබාදී…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-23) – ඊයේ ආසාදිතයින් 519 යි මරණ 10 යි

    අද දින (22) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 519 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙක් වන ඉතිරි ආසාදිතයින් 518 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (21) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    කරඳගොල්ලේ නායයෑම ගැන අලුත්ම තත්ත්වය

    ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ භූමිය තුළ සිරවී ඇති ජලය ඉවත් කිරීම සඳහා අදාළ උපකරණ සවිකිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව එම කටයුතු අවසන් කිරීම සඳහා දින 10ක පමණ කාලයක් ගතවනු ඇති බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කළේය. කෙසේවෙතත් නායයෑමට ලක් විය හැකි…

    Read More

    කිලිනොච්චියට කාන්තා සෞඛ්‍ය පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථානයක්

    කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) විවෘත කෙරුණි. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5,320ක් වැය කර තිබේ. නෙදර්ලන්ත රජය විසින් මේ සඳහා අරමුදල් සපයා ඇත. දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන…

    Read More

    නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

    අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කර තිබේ. නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පත් කරනු ලැබීය.

    Read More

    කෙහෙළිය යළි රිමාන්ඩ්

    රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි මස හය දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. ඊට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචිනි අබේවික්‍රම මහත්මිය මෙම නියෝගය කලාය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඇප ඉල්ලීම එහිදී ප්‍රතික්ෂේප කෙරිණි.

    Read More

    විස්සෙන් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගන්නා තුරු සටන් කරනවා

    20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනතින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන තුරු අඛණ්ඩ විරෝධතාවක නිරත වන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ යන නාහිමිවරු පැවසූහ.  උන්වහන්සේලා එසේ පැවසුවේ ඊයේ (21 දා) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.  එහිදී අදහස් දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූවේ මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා පෙරමුණ ගත්තේ සංඝරත්නය බවත් සංඝරත්නයේ හ`ඩට ඇහුම්කන් නොදී කටයුතු කරනවා…

    Read More

    අධික වැසි හමුවේ ප්‍රධාන වැව් රැසක් වාන් දමයි

    මේ වන විට ඇද හැළෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ බොහොමයක් වාන් දමමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයින පුරා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන වැව් 73න් 55ක් මේ වන විට වාන් දමමින් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 60කට අධික…

    Read More