Headlines

    දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට

    දකුණු කොරියාවේ තෙදිනක් පුරාවට ව්‍යාප්තව යමින් පවතින ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොරියානු මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම සිදුවීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇතැයිද ඉන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයිද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. තවද එම ප්‍රදේශවලින් පුද්ගලයින් 1500කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර ඇතැයිද එරට ආපාදා බලධාරීන් පවසයි….

    Read More

    කිලිනොච්චියට කාන්තා සෞඛ්‍ය පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථානයක්

    කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) විවෘත කෙරුණි. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5,320ක් වැය කර තිබේ. නෙදර්ලන්ත රජය විසින් මේ සඳහා අරමුදල් සපයා ඇත. දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන…

    Read More

    පසුගිය වසරවලට සාපේක්ෂව මෙරට ඒඩ්ස් ව්‍යාප්තියේ වැඩිවීමක්

    ලෝක ඒඩ්ස් රෝග මර්දන දිනය අදට (01) යෙදී තිබේ. සමස්ත ලෝකය හා සැසඳීමේදී ශ්‍රී ලංකාව  සැලකෙන්නේ ඒඩ්ස් රෝග ව්‍යාප්තිය අඩු රටක් ලෙසයි. කෙසේවෙතත්  පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ මෙරට ඒඩ්ස් රෝග ව්‍යාප්තියේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ සම්බන්ධව අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය…

    Read More

    රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩුව ගැන දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

    විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ. අදාළ නිවාඩු අනුමත කිරීමේ දී දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් එමගින් නිකුත් කර ඇති බව වාර්තා වෙයි. 2022 වසරේ ජුනි මස…

    Read More

    විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය නවතී

    විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් දින 75ක සිට ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඉදිරියේ වෘත්තීය සමිති නියෝජිතයින් අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමෙන් පසු වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පැවසුවේය. ඒ අනුව අනධ්‍යයන සේවකයින් යළි සේවයට වාර්තා කිරීමට…

    Read More

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (18) උදෑසන 9.00ට එම නිවේදනය නිකුත් කර ඇත. අදාළ නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී තිබේ. නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන්…

    Read More

    තාරුණ්‍යයට දිලිත්ගෙන් අලුත් බලාපොරොත්තුවක්

    විදේශ ගත වන තරුණ්‍ය රටේ තුළ රඳවා ගැනීම සඳහා තමා ඉදිරිපත් කළ උපායමාර්ගික වැඩපිළිවෙළ තුළ සැලැස්මක් පවතින බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. කන්තලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. “ලංකාවේ තාරුණ්‍ය හිතනවා මේකේ ඉඳලා වැඩක් නෑ කියලා අපි යන්න ඕනේ රට කියලා. අපි ඉදිරිපත් කරපු උපාය…

    Read More

    හැරී පොටර් මන්දිරයට ප්‍රහාරයක්

    යුක්‍රේනයේ ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් ඊට දැඩි හානි සිදුව තිබේ. ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර තිබේ.

    Read More

    අද කාලගුණය

    මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද…

    Read More

    ප්‍රබල භූකම්පනයක් – රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්

    කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක් හටගෙන තිබේ. ඒ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහාය.

    Read More