Headlines

    මියන්මාරයේ සයිබර් කලාපයෙන් තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

    මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඉන් මුදාගැනීමට සමත්ව තිබේ. අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස මේ වන විට තායිලන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. ඔවුන් සියලුදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව සඳහන් ය. තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එම පිරිස මෙරටට ගෙන්වාගැනීම සඳහා…

    Read More

    විභාගය අතරතුර ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් දැමූ ගුරුවරයා අත්අඩංගුවට

    මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් අද (12) එම සැකකරු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අදාළ වට්ස්ඇප් සමූහයේ සාමාජිකයින් 1,025 දෙනකු සිටින බවටද මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ. අධ්‍යයන පොදු…

    Read More

    රටේ ඉන්ධන හිඟයක් නෑ – ආණ්ඩුවෙන් විශේෂ පැහැදිලි කිරීමක්

    රටතුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නොමැති බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවී තිබෙන පෝලිම් පිළිබඳ අද (1) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී අනිල් ජයන්ත මහතා පෙන්වා දුන්නේ රටතුළ ඉන්ධන හිඟයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘත්‍රිම ඉන්ධන…

    Read More

    පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීමට නව පනත් කෙටුම්පත් දෙකක්

    පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් වී ඇති අතර එමඟින් සෑම පිළිගත් දේශපාලන පක්ෂයකම කාන්තා නියෝජනය සියයට…

    Read More

    බස් රථවලින් වැඩි මුදල් ගන්න වේලාසටහන්කරුවන්ට වැඩ වරදියි 

    පෞද්ගලික බස්රථ වලින් වේලාසටහන්කරුවන් අධික මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පියවර ගෙන ඇත. වේලාසටහන්කරුවන් හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා අතර ඊයේ (03) පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව සභාපතිවරයා මේ බව පවසා ඇත. වේලාසටහන්කරුවන් පෞද්ගලික බස්රථ වලින් අධික මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් බස්රථ සංගම් දැඩි අප්‍රසාදය පළකරයි. මේ සම්බන්ධයෙන්…

    Read More

    ගලගොඩ අත්තේ ඥානසාර හිමි ගැන කොළඹ මහාධිකරණය දුන් නියෝගය

    ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළේ යැයි වසර හතරක සිරදඬුවමක් ලබාසිටින බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියම කළේය.  කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේය. සිර දඬුවම් නියමවීමෙන් පසුව ඥානසාර හිමි ඊට එරෙහිව…

    Read More

    අමාත්‍යංශ දෙකක නව ලේකම්වරු පත් කෙරේ

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) ප්‍රදානය කළේය. ඒ අනුව පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස  කේ.ආර්. උඩුවාවල මහතා පත් කර ඇත. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතා පත් කර තිබේ.

    Read More

    උත්සව සමය ඉලක්ක කර පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ වැඩපිළිවෙළක්

    උදා වී ඇති දෙසැම්බර් උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළෙඳපොළ තුළදී සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව අද (01) දිනයේ සිට ජනවාරි 15 දින දක්වා සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. එම අධිකාරිය පැවසුවේ උත්සව සමය තුළ පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිලදී ගන්නා ඇඳුම්…

    Read More

    ගෑස් මිල පහල බසියි.

    අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ගෑස් මිල ගණන් ද අඩු කර තිබේ. ඒ අනුව 12.5kg ලාෆ්ස්ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර ඇත.  එහි නව මිල රුපියල් 3,840කි. 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර  ඇති අතර එහි නව මිල 1,542කි. රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල…

    Read More

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (20) පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. තරගය තව සුළු මොහොතකින් පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. දෙරට අතර මේ වනවිට එක්දින තරගාවලි 9ක්…

    Read More