Headlines

    එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියට අදාළව දැනුම්දීමක්

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ. කෙසේවෙතත් ඊයේ (25) නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම විමර්ශනවලට අදාළ කරුණු දැක්වීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය. එහිදී අදාළ…

    Read More

    දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය – කෙටි ගමන්වාර කිහිපයක් පමණයි

    අද (17) දිනයේ ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. ඒ අනුව දුරගමන් දුම්රිය ධාවනය නොකෙරෙන බව වාර්තා වෙයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි. ඒ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවාගැනීමේ ක්‍රියාවලිය යථාවත්…

    Read More

    ශ්‍රී ලංකා – IMF එකඟතා වෙනස්කළ හැකිද ? IMF ප්‍රතිචාරය

    ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීම ප්‍රමුඛතාව ලැබිය යුතු කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් ඒ බව පැවසුවේ සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

    Read More

    ඔක්සිජන් නොමැතිව නවදිල්ලි නුවර රෝහල් අර්බුදයක..

    ඉන්දියාවේ නවදිල්ලි නුවර ප්‍රධානපෙළේ රෝහල් 6ක් ඔක්සිජන් නොමැතිකමින් අර්බුදයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී ඔක්සිජන් නොමැතිකමින් නවදිල්ලි නුවර රෝහල්වල කොවිඩ් රෝගීන් මියයන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. දැඩි සත්කාර ඒකක ද මේ වනවිට පිරී ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට අනෙකුත් රෝහල්වල ද පවතින ඔක්සිජන්…

    Read More

    පසුගිය වසරේදී ආර්ථිකයට වැඩිම දායකත්වය බස්නාහිරින්

    පසුගිය 2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබා දීමට බස්නාහිර පළාත සමත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ එහි අගය 43.7%ක් වන බවය. කෙසේ නමුත් එම දායකත්වය පෙර වසර හා සසඳන විට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් වේ….

    Read More

    හරියට පාලනය වුනේ නැහැ දැන් වසංගතයේ 4 වැනි අවධියට

    කොවිඞ් දෙවැනි රැල්ල පාලනය කිරීමට අදාළව දක්නට ලැබෙන බරපතළ තත්ත්වයන් පිළිබඳව ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන්.  කැදවුම්කරු, ගුණදාස අමරසේකර, ජනපතිවරයාට ලිපියක් ලියා ඇත. එහිදී මෙවර රැල්ල පාලනය කිරීමට අසමත්වූ බවට චෝදනා කර ඇති අතර වසංගතයේ 4 වැනි අවධියට ලඟා වෙමින් තිබේද  යන ගැටලුව මතුකර ඇත. එම ලිපිය පහත පරිදිය… කොවිඞ් වසංගත තත්වයේ දෙවැනි රැල්ල ආරම්භ වීම…

    Read More

    රු. 5000 දීමනාව අද සිට..

    සමෘද්ධිලාභින්ට සහ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව අද (12) සිට ලබා දීම ආරම්භ වන බව රජය ප්‍රකාශ කරයි. ඒ අනුව අද (12) සහ හෙට (13) යන දෙදින තුළ කිසිදු ගැටලුවකින් තොරව රුපියල් 5000 දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. එහි දී වැඩිහිටි දීමනාව ලැබෙන පුද්ගලයින් සිටින පවුල්, ආබාධිත දීමනාව ලබන…

    Read More

    නෙළුම් කුලුනේ පැරෂුට් අනතුර

    නෙළුම් කුලුනෙන් පහළට පැරෂුට් ආධාරයෙන් පැනීමේ අවස්ථාවකට එක්වූ පුද්ගලයෙකු ඉන් ඇදවැටී අනතුරට ලක්ව තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විදෙස් ජාතිකයෙකි. නෙළුම් කුලුන මුදුනේ සිට පහළට පැනීමේදී නිසි වේලාවට ඔහුගේ පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ එම විදෙස් ජාතිකයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    Read More

    IMF කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ගැන කැබිනට් ප්‍රකාශක කළ හෙළිදරව්ව

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළපෙළේ දූත කණ්ඩායමක් හෙට (02) දිවයිනට පැමිණීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කණ්ඩායම ඔක්තෝබර් 04 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටියි.  ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව ආර්ථික කණ්ඩායම හමුවීමට නියමිත ය.  එහිදී ඔවුන් මෙරට නව ආර්ථික වර්ධනයන් සහ ජාත්‍යන්තර මූල්‍ය…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-15) – ඊයේ ආසාදිතයින් 802යි මරණ 07 යි

    අද දින (15) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 802 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් එක් පුස්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයෙකු වන ඉතිරි ආසාදිතයින් 801 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (14) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More