Headlines

    ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර දකුණු ආසියාවේ තෙවන තැන ශ්‍රී ලංකාවට

    ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට  පත්ව තිබේ. වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට යි. නේපාලය දෙවන ස්ථානයේ පසුවන අතර ඉන්දියාව පස් වන ස්ථානයේත් පාකිස්තානය හත් වන ස්ථානයේත් පසුවේ. ප්‍රධාන මානයන් හතරක් ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මනිනු ලබන…

    Read More

    මලාවි උප ජනාධිපති ගුවන් අනතුරකින් මරුට

    මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලීමා ගුවන් අනතුරකින් මියගොස් තිබේ. උප ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන් වූ ගුවන්යානය කඩාවැටි තිබුණේ එරට චිකන්ගාවා නම් වනාන්තරයට ය. අයහපත් කාලගුණය මැද පියාසර කළ ගුවන්යානය රේඩාර් පථයෙන් අතුරුදන් වූයේ ඊයේ උදෑසනය. ඒ ලිලොන්ග්වේ අගනුවර ගුවන්තොටුපොළින් පියාසැරිය ආරම්භ කළ සුළු මොහොතකිනි. යානයේ සුන්බුන් හමුවූයේ පැය 24කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු…

    Read More

    මීගමුව රෝහලේදී අතවරයට පත් තරුණිය පරීක්ෂා කිරීමට විශේෂ වෛද්‍ය මණ්ඩලයක්

    මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. පසුගිය මස 31 වැනි දින අදාළ තරුණිය දත් කැක්කුමකට සහ සමේ රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඇගේ මව සමග මීගමුව මහ රෝහලට පැමිණ ඇති අතර එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් ඇයව ලිංගිත අතවරයට ලක්…

    Read More

    ඉරාන ජනපතිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

    හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි මහතාගේ දේහය පිළිබඳ අවමංගල උත්සවය අදින් ආරම්භ වේ. ඉරාන – අසර්බයිජාන දේශ සීමාවේ වාරි ව්‍යාපෘතියක් විවෘත කිරීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටර් යානාව නැගෙනහිර අසර්බයිජාන ප්‍රාන්ත කඳුකර කලාපයේදී අනතුරකට ලක්වුණි. ජනාධිපතිවරයා ඇතුළුව එහි ගමන්ගත් පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු…

    Read More

    උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන දැනුම්දීමක්

    2023 (2024) අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අදින් ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කරුවන්ට ජූනි මස 19 වනදා දක්වා මේ සඳහා අයදුම් කළ හැකිය. ඒ සඳහා පහළ උපදෙස් පිළිපඳින ලෙස ද විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ට දැනුම්දෙයි.

    Read More

    එජාප හිටපු නාගරික මන්ත්‍රීට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    මරදාන අලෙවි මවුලානා ප්‍රජා ශාලාව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් සිදුකිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් මස 01 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (09) නියෝග කළේය. එම ශාලා පරිශ්‍රයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් සිදුකරන ලද අනවසර ඉදිකිරීම්වලට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවීමෙන් අනතුරුව මෙම…

    Read More

    විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අගමැතිනියගෙන් කළ ඉල්ලීම

    පසුගිය කලසීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුව ඇති දූෂණ වංචා සෙවීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින බව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, දූෂණ සම්බන්ධයෙන් තොරතුරු එම කමිටුවට ලබාදීම සඳහා තම සංගමය කටයුතු කරන බවය. “මේ වනවිට අග්‍රාමාත්‍යවරිය සෞඛ්‍ය අමාත්‍යවරිය විදිහට කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම අපි කියනවා පසුගිය…

    Read More

    ජපන් රජය විසින් පොලිසියට පරිත්‍යාග කළ වාහන ඊයේ ජනපතිට භාරදෙයි.

    පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, බස් රථ 04ක් සහ වෑන් 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සංකේතාත්මකව භාරදීම ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා විසින් එම රථ වාහන ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ…

    Read More

    රුසියා – යුක්‍රේන යුද්ධය මැද තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මිය ගිහින්

    රුසියානු – යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන්ට එක්වී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ කොට්ඨාසය ඒ බව පවසයි. මේ අතර රුසියාවට ගිය තවත් විශ්‍රාමික සෙබළුන් දෙදෙනකු අතුරුදන්වී ඇති බවට අද (11) වාර්තා විය.  ඥාතීන් පවසන්නේ, මාර්තු 29 වනදා සිට ඔවුන්ගෙන් කිසිදු…

    Read More

    කුලියාපිටිය පුද්ගලයෙකු මියයයි

    නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.  එලෙස මියගොස් තිබුණේ කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ නිවසක පදිංචිකරුවෙකු වූ 80හැවිරිදි පුද්ගලයෙකිි. අදාළ මියගොස් ඇති තැනැත්තාද මනමාලයා ආසාදිතවූ මංගල උත්සවයකට සහභාගී වූ අයෙකුගේ පියෙකු වූ අතර කලක් රෝගාතුරව ප‍්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවද වාර්තාවේ. කෙසේවෙතත් මනමාල මහතා…

    Read More