Headlines

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී ඇත. දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව එහි සඳහන් වේ. බස්නාහිර,…

    Read More

    බස් අනතුර ගැන සංවේදී කතාවක් – තවත් සිව්දෙනෙකුට බරපතළයි

    දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී අද (10) අලුයම සිදුවූ මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තාවේ. අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගිය අතර, තුවාල ලැබූ 34 දෙනෙක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි. අද අලුයම 5.10ට පමණ මාරක රිය අනතුරක් සිදුව තිබුණේ කුරුණෑගල නගරයට කිලෝමීටර 6ක් පමණ එපිටින් පිහිටි දඹුල්ල – කුරුණෑගල…

    Read More

    මාලදිවයිනේ මැතිවරණ ජය පාලක පක්ෂයට

    මාලදිවයින් ඊයේ (21)  පැවති මහා මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගැනීමට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය සමත්ව විය. ඒ අනුව චීන හිතවාදී මුයිසුගේ මහජන ජාතික කොංග්‍රසය දැනටමත් දිනා ඇති ආසන ගණන 66කි. මැතිවරණය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ ආසන 93ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීමේ අරමුණිනි. අපේක්ෂිකාවන් 42 දෙදෙනෙක් ඇතුළු අපේක්ෂකයින් 368 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ. මැතිවරණය සඳහා ඡන්දය භාවිතයට සුදුසුකම්…

    Read More

    කොළඹ සමාජ ශාලාවේ ගැටුම සම්බන්ධව සැකකරුවන් හඳුනා ගනියි

    කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි. යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් විසින් ඇති වූ මත ගැටුමක් හේතුවෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සිදුකර තිබුණි.  සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දෙහිවල, අත්තිඩිය, තිඹිරිගස්යාය ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බවත් පොලීසිය මේ වන විට අනාවරණය කරගෙන තිබේ….

    Read More

    ප්‍රබල අමෙරිකානු අවි රුසියාව දෙසට

    යුක්‍රේන යුද්ධයේ තීරණාත්මක වෙනසක් මෙන්ම එහි අනතුරුදායක වර්ධනයක් අපේක්ෂා කළ හැකි පියවරක් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අද (18) වාර්තා කර තිබේ. ඒ අමෙරිකාව විසින් සපයනු ලබන දිගු දුර මිසයිල ඇතුළු නවීන යුද අවි රුසියානු භූමිය තුළට එල්ල කිරීම සඳහා යුක්‍රේනයට අවසර ලබාදීමයි. රුසියාව එල්ල කරන දැවැන්ත ප්‍රහාර හමුවේ තමන්ට…

    Read More

    කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයට රේගුවෙන් වැඩපිළිවෙළක්

    කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.  ජනාධිපතිවරයා උපදෙස් පරිදි එම වැඩපිළිවෙළ ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, ඊයේ (13) දිනට කොළඹ වරායෙන් බහාලුම් 459ක් නිදහස් කර ඇති බවය. මීට අමතරව RCT, ග්‍රේලයින්…

    Read More

    උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩුපීඩන තත්ත්වයක් ?

    උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් හෙට (29) දිනයේදී වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ. කි. මී. 70-80) සමග තද වැසි ඇති විය හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් නිවේදනයේ දැක්වෙයි. මේ හේතුවෙන් උතුරු බෙංගාල බොක්ක…

    Read More

    ශ්‍රී ලංකා – IMF එකඟතා වෙනස්කළ හැකිද ? IMF ප්‍රතිචාරය

    ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීම ප්‍රමුඛතාව ලැබිය යුතු කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් ඒ බව පැවසුවේ සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

    Read More

    ශ්‍රී ලංකා 20/20 කණ්ඩායම පිටත්වෙයි

    20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්විය. එම තරගාවලිය මෙවර අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග කටයුතු කරයි.

    Read More

    බ්‍රසීලයේ ආපදා මරණ තවත් ඉහළට

    දකුණුදිග බ්‍රසීලයට හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පුද්ගලයින් 74 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රදේශයට බලපෑ දරුණු කුණාටු තත්ත්වයත් සමග ඇති වූ ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් එම ආපදා තත්ත්වය හටගෙන ඇත. ඒ හේතුවෙන් පුද්ගලයින්…

    Read More