Headlines

    ජංගම දුරකථන මිල අඩුවෙයි

    ඩොලරයේ අගය පහළ යෑම හේතුවෙන් මෙරට ජංගම දුරකථන මිල සියයට 18% – 20% අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, සමිත් සෙනරත් මහතා මාධ්‍ය හමුවකට ඒ බව සඳහන් කළේය. මිල අධිකව ම පැවතුන Apple iPhone 15 Pro Max දුරකථනයක් මේ වනවිට 375,000ක් පමණ දක්වා…

    Read More

    හිරුණිකා ට ඇප

    බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.  කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. ඒ අනුව රුපියල් 50,000ක මුදල් හා 500,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකාරිය මුදා හැරිණි. ඇප නියෝග ප්‍රකාශ කරමින් විනිසුරුවරයා…

    Read More

    ගුවන්තොටෙන් හමුවූ ජීව උණ්ඩය

    කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ගමන් මලු පර්යන්තය අසළ මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් වැටී තිබියදී සොයාගෙන තිබේ. ශ්‍රීලන්කන් භූමි සහායක සේවිකාවක විසින් එය සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පොලීසිය වෙත අද (10) දින අලුයම භාර දී ඇත. ඔවුන් මෙම උණ්ඩය මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාර දී ඇති අතර,…

    Read More

    ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වාර්තාවට යුරෝපා සංගමයේ සහාය

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිගන්නා බව යුරෝපා සංගමය පවසයි. යුරෝපා සංගමය ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පෙරේදා (09) දැනුම් දී ඇති බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවාංහිදී ඊයේ ආරම්භ වුණි. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව…

    Read More

    ප්‍රදේශ කිහිපයකට මහ වැසි..

    දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු පළාත්වල ද තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ…

    Read More

    තමිල්නාඩුව තවත් සතියකට LOCKDOWN..

    ඉන්දියවේ තමිල්නාඩු ප්‍රාන්තය තවත් සතියක කාලයක් සඳහා එම ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව මීට පෙර පනවා තිබූ Lockdown කාල සීමාව හෙටින් (24) අවසන් වීමට නියමිතව තිබුණි. තමිල්නාඩු ප්‍රාන්තයෙන් තවදුරටත් ඉහළ ආසාදිතයින් පිරිසක් හමුවීම හේතුවෙන් ප්‍රාන්ත වැසියන් තවත් සතියක කාලයක් සඳහා නිවෙස් තුළටම සීමා කර තැබීමේ මෙම තීරණය ගත් බව ප්‍රාන්ත බලධාරීන්…

    Read More

    නැවෙන් රුපියල් මිලියන 720ක්..

    පසුගිය මැයි මස 22 වන දා මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගත් මේ වන විට මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළ අතුරු වන්දි මුදල ලැබී ඇති බව වාර්තා වේ. ඒ අනුව රුපියල් මිලියන 720ක මුදලක් මේ වනවිට මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය. එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ,…

    Read More

    අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමයක් ගැන රජය තීරණයක් ගනී

    සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාළව යෝජිත අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පොහොර සමාගම් දෙකෙහි අරමුදල්වලින් රුපියල් මිලියන 844ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මේ වනවිට…

    Read More

    මියන්මාරයේ තත්වය තව තවත් දරුණු අතට – ඊයේ ජීවිත 38ක් වෙඩි උණ්ඩ වලට බිලි වේ..

    මෙම වසරේ පෙබරවාරි 1 දින මියන්මාර හමුදා කුමන්ත්‍රණය සිදු වූ දා සිට මේ දක්වා එරට වැසියන් අඛණ්ඩ විරෝධතා ක්‍රියාත්මක කළ අතර  විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ නායිකාව වන අවුන් සාන් සුකී නිදහස් කර නැවතත් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන ලෙසය. නමුත් හමුදා පාලකයින්ගෙන්  විරෝධතාකරුවන්ට ලැබෙන ප්‍රතිචාරය දිනෙන් දින දරුණු අතට හැරෙන අතර විරෝධතාකරුවන්ට උත්තර ලැබෙනුයේ වෙඩි උණ්ඩ වලිනි. ඊයේ…

    Read More

    ගෝලීය අවශ්‍යතා පරිදි අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් සකස් කළ යුතුයි – ජනපති

    ගෝලීය අවශ්‍යතා නිසිපරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් වියයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.  ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (16) පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට…

    Read More