Headlines

    ශ්‍රී ලංකාවේ ණය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇතිවූ විශ්වාසය 

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වනවිට වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹීමට ශ්‍රී ලංකාවට හැකිවෙතැයි “දැඩි විශ්වාසයක්” ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය.  ඩොලර් බිලියන 12ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට බැඳුම්කරහිමියන් සමග සාකච්ඡා කරමින් පවතියි. එය ආරථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ම පියවරක් ලෙස සැලකෙයි.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක්…

    Read More

    එළැඹෙන සඳුදා දිනෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්

    මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක් පමණයි. මෙවර මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබේ. මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (07) සහ හෙට (08) යන දෙදින තුළ සිදුකිරීමට…

    Read More

    රිදියගම හැඩකරන ඩෝරා සහ ලාරාගේ සිංහ පැටව්

    හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් සිංහ පැටව් 6 දෙනෙකු මේ වනවිට එක්ව තිබේ. ඒ එම සෆාරී උද්‍යානයේ සිංහ ධේනුවන් දෙදෙනෙකු පැටව් තුන් දෙනා බැගින් බිහි කිරීමත් සමග. මෙලෙස පැවව් බිහිකර ඇත්තේ ලාරා සිංහ සහ ඇගේ දියණිය ඩෝරා වන අතර, පැටව්න්ගේ වයස මසකට වැඩි බව සෆාරි උදානයේ නිලධාරින් පවසයි. ඩෝරා යනු මීට වසර කිහිපයකට පෙර ලාරා…

    Read More

    දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරුට

    දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් තේජාන්විත හස්තියෙකු වූ ‘දීඝදන්තු 1’ අද (28) අලුයම දැයට අහිමි විය. කලාවැව ජාතික වනෝද්‍යානය සිය නිවහන කරගෙන සිටි මෙම හස්තියා කැකිරාව, ආඬියාගල හිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අනාරක්ෂිත ලෙස ඇද තිබූ විදුලි රැහැනක පැටලී මියගොස් තිබුණි. උසින් අඩි 08ක් පමණ වූද, අඩි 05ක පමණ දිගකින් යුත් තේජාන්විත දළ යුගලයකට උරුමකම් කී මෙම හස්තියාගේ…

    Read More

    වරාය වෘත්තිය සමිති සේවකයින් සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක්

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිව අකුරට වැඩ කිරීමේ වරාය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වරාය සේවකයින් හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (01) අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වීමට නියමිතය. තව ද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා සම්මුති කමිටුව ඊයේ (31) පස්වරුවේ රැස්වූ…

    Read More

    කබ්රාල් ඇතුළු පිරිස නිදහස් කෙරේ

    2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු…

    Read More

    අද සිට ඇරඹෙන බදු සංශෝධන

    වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අදාළ බදු සහනය ඉල්ලා සිටීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයින් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඒ සඳහා ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවය. ඕනෑම…

    Read More

    සූකර උණ පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

    ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පසුගිය 25 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත්…

    Read More

    පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් නොකී කතාව

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ලබාදුන්, මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු හා මූලාශ්‍ර පිළිබඳ සිරිල් ගාමිණි පියතුමන් අද (20) මාධ්‍යයට අනාවරණය කළේය. හිටපු පොලිස් නිලධාරියකු යුටියුබ් නාලිකාවකට ලබාදුන් බව කියන සම්මුඛ සාකච්ඡාවක්ද උපුටා දක්වමින් පියතුමන් මෙම කරුණු ප්‍රකාශ කර තිබුණි. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා “ඥානාර්ථ ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන…

    Read More

    කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නෑ – ජනපති

    රට ගොඩනැගීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ අද (21) පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “අද මේ රටේ ජනතාව සතුටින් සිංහල හා දෙමළ අලුත් අවුරද්ද සමරනවා….

    Read More