Headlines

    වාහන ආනයනයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

    වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. 1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉකුත් 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට මේ වසරේ ජනවාරි 27 වැනිදා දක්වා…

    Read More

    පුහුණු නියමුවන් දෙදෙනා ජෙට් යානයෙන් පැන දිවි බේරාගනී

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයට අද (21) පෙරවරුවේ කඩා වැටී තිබුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ යානය කඩා වැටෙන අවස්ථාවේදී එහි පුහුණු නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ඉන් ඉවත්වී ඇති බවය.  මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ පුහුණු ජෙට් යානයකි. යානය පොල්වගා භූමියක් වෙත කඩා වැටී…

    Read More

    Covishield එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඊයේ දිවයිනට

    ඉන්දියාවේ සීරම් ඉන්සිටියුට් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තවත්  මාත්‍රා ලක්ෂ 5ක් ඊයේ (25) දින ශ්‍රී ලංකාවෙ ලබාගැනුණි. එම බෙහෙත් තොගය රැගත් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ඊයේ (25) පසුවරුවේ ලඟා වු අතර එම එන්නත් මාත්‍ තොග වසංගත රෝග ඒකකයේ මධ්‍යම බෙහෙත් ගබඩාව වෙත භාර දීම ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය…

    Read More

    අප්‍රේල් 21 වනදා කිතුනු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්..

    2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයට වසර 2ක් ගතවන, එළඹෙන 21 වනදා පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබා දෙන ලෙසට පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බවට වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ, එම නිවේදනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස…

    Read More

    රුපියල තව තවත් බාල්දුවේ..

    ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇත. ඒ අනුව රුපියල තව තවත් අවප්‍රමාණය කරමින් අද (31) දිනයේ ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිලට සාපේක්ෂව 202 යි සත 04 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත වාර්තා දක්වයි. තව ද එහි ගැනුම් මිල…

    Read More

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) උදෑසන 6:00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (15) උදෑසන 6:00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නිවේදනයෙන් කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී…

    Read More

    ඩයනා ට එරෙහිව CIDයෙන් චෝදනා පත්‍රයක්

    ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැතිව මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා කියවාදීම අගෝස්තු මස 01 වනදා සිදු කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ ඊට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීය. එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර…

    Read More

    අද සහ හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

    හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් සිදුවනු ඇතැයි පොලීසිය නිවේදනය කරයි. විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද (11) සහ හෙට (12) දිනවල රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. පෙරහැර විහාරස්ථානයෙන් ආරම්භ වී ජිනරතන මාවත ඔස්සේ ගමන් කර හුණුපිටිය වැව…

    Read More

    ජාත්‍යන්තර කාන්තා දිනය අදයි..

    110 වැනි ජාත්‍යන්තර කාන්තා දිනය අදයි (08). සෑම වසරකම මාර්තු මස 08 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයේ මෙවර තේමාව වන්නේ  ‘රටකි – දැයකි – ලොවකි’  නායකත්වයේ කාන්තාවන්: COVID-19 ලෝකයක සමාන අනාගතයක් අත්කර ගැනීම යනුවෙනි. කාන්තා දිනයේ මූලාරම්භය වන්නේ 1908 වසරේ මාර්තු 08 වැනි දින අමෙරිකා එක්සත් ජනපදයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවල සේවය කළ කාන්තාවන් 15,000ක් පිරිසක් තම පැය…

    Read More

    කටාන අවට ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

    කටාන උතුර කලාපයට අයත් ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ අද (19) පෙරවරු 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බවය. ඒ අනුව බම්බුකුලිය, මුරුතාන, කටාන උතුර, කටාන බටහිර, නැගෙනහිර කටාන, උඩංගාව, මානචේරිය,…

    Read More