Headlines

    ජපන් රජය විසින් පොලිසියට පරිත්‍යාග කළ වාහන ඊයේ ජනපතිට භාරදෙයි.

    පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, බස් රථ 04ක් සහ වෑන් 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සංකේතාත්මකව භාරදීම ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා විසින් එම රථ වාහන ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ…

    Read More

    ඡන්ද අල්ලස් දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ නංවන්න යෝජනාවක්

    මැතිවරණයකදී අල්ලස් දීමේ වරදකට පනවනු ලබන දඩ මුදල රුපියල් 500යේ සිට රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතින් යෝජනා කර තිබේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් දඩ මුදල් වර්තමාන මුදල් අගය මත පදනම්ව වැඩි කිරීමට හැකි වන පරිදි එම පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති අතර ඊට…

    Read More

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට තවත් ප්‍රකාශයක්

    අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රො සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් සමූහය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වන සැසිවාරයට සමගාමීව ඊයේ (19) දිනයේ එම ප්‍රකාශය ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. එමඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම…

    Read More

    අතුරු සම්මත ගිණුමේ මුදල් තවදුරටත් වලංගු නෑ – මුදල් අමාත්‍යංශය

    මේ වසරේ පළමු මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම මගින් වෙන් කෙරුණු ප්‍රතිපාදනවල ඉතිරි මුදල් අවලංගු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊයේ (23) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වෙයි. 2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් පියවීම සඳහා රුපියල් බිලියන 1,402 ක අතුරු සම්මත ගිණුමක්…

    Read More

    ගාල්ලේ සංචාරක කර්මාන්තයට ගවයන් හා සුනඛයන්ගෙන් බලපෑම්

    ගාල්ලට පැමිණෙන විදෙස් සංචාරකයින්, ගාල්ල කොටුවේ සහ නගරයේ අයාලේ සැරිසරන ගවයින් සහ සුනඛයින් නිසා දැඩි අපහසුතාවට පත්වන බව ජනතාව පෙන්වා දෙයි. ඔවුන් පවසන්නේ සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයක් පෙන්නුම් කරන අවස්ථාවක මෙවැනි ගැටලුවලට කඩිනම් විසඳුම් සැපයීමට බලධාරීන් පියවර ගත යුතු බවය. සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව 2024 වසරේ මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,682,482කි. නොවැම්බර් මාසයේ…

    Read More

    ජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්

    අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. වත්මන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගනු ලැබූ තීරණයට එරෙහිව නීතිඥවරයෙකු විසින්…

    Read More

    ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. අදළා පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි. පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසය.

    Read More

    පාලන මිලට ගොවීන්ට පොහොර ලබා දීමට පියවර..

    එළවළු වගා කිරීමට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන පාලන මිලට ගොවී ජනතාවට ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ .එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේය. පසුගිය සති කිහිපයේම පොහොර නොමැති වීම හේතුවෙන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳව, උඩරට එළවළු ගොවීන් රජයට පැවසුවේ තමන්ට පොහොර ලබා දෙන ලෙසයි. ඒ අනුව, බදුල්ල හා…

    Read More

    විදෙස්ගත ශ්‍රමිකයින්ගේ තීරුබදු සහනය වැඩි වෙන ලකුණු

    ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිරිගැන්වීම හා ත්‍යාග පිරිනැමීමේ ක්‍රම ගවේෂණය කරමින් සිටින බව ජනාධිපතිවරයා පැවසීය. ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී මංගල අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එහි පළමු පියවර ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී ලබාදෙන තීරුබදු…

    Read More

    සතොස හරහා වී මිලදී ගැනීමට රජය සැරසෙයි

    මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ වරින්වර රට තුළ සිදුවන සහල් හිඟය අවසන් කිරීමට සහ මිල පාලනය කිරීම සඳහා රජය මැදිහත් වී ගොවියාට සහතික මිලක් ලබා දීමට කටයුතු කරන…

    Read More