Headlines

    මහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක්

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කර විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මූල්‍ය වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, සිය කාර්යාංශයේ උසස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් වට්ස්ඇප් සබැඳි නිර්මාණය කර ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මෙම මූල්‍ය ජාවාරම සිදුකෙරෙන…

    Read More

    මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක්

    මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ මහලේකම්වරු අතර හමුවක් අද (22) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවට ලක්ව ඇත. එහිදි මැතිවරණය සඳහා වියදම් වන මුදල් සම්බන්ධව අවධානය යොමුව ඇති අතර එහිදී එක් එක් පළාත් පාලන ආයතන තුළ පිහිටා ඇති කොට්ඨාස තුළ වියදම් කළ හැකි මුදල් පිළිබඳව…

    Read More

    පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වලංගු කාලය දිගු කෙරේ

    පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත් වල වංගු කාලය දීර්ඝ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්,  අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, 2025 වසර සඳහා එම තිලිණපත් 2025.03.20 දක්වා දීර්ඝ කර ඇති බවය. එහි මීට පෙර සඳහන්ව ඇත්තේ, 2025.02.28 වන දිනෙන් එහි වලංගුතාවය අවසන් වන බවය

    Read More

    අමාත්‍යංශ දෙකක නව ලේකම්වරු පත් කෙරේ

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) ප්‍රදානය කළේය. ඒ අනුව පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස  කේ.ආර්. උඩුවාවල මහතා පත් කර ඇත. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතා පත් කර තිබේ.

    Read More

    ආර්ථිකය නිවැරදි මඟකට ගන්නා හැටි ජනපති කියයි

    ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළ මෙරට ආර්ථිකය නිවැරදි මඟකට ගෙන ඒමේ පළමු පියවර තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ඒකල ප්‍රදේශයේ ඉදිකෙරුණු Cephalosporin ( සෙෆලෝස්පොරින් ) එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයාගේ ඒ බව පැවසීය. මෙල්වා සමූහ ව්‍යාපාරය යටතේ Sands Active පුද්ගලික සමාගම…

    Read More

    මාසික ගෑස් මිල සංශෝධනය හෙට

    මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලෝක වෙළදපළේ පවතින ගෑස් මිල හා සංසංදනය කර මෙවර ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවය. මේ වන විට ලෝක වෙළදපළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුව මෙරට ගෑස් මිලෙහි ද වැඩිවීමක්…

    Read More

    දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

    පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව  කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස…

    Read More

    බ්‍රිතාන්‍යයේ කොරෝනා සීමා ඉවත් කිරීම කල් යයි..

    බ්‍රිතාන්‍යයේ කොරෝනා සීමා ඉවත් කිරීම තවත් සති 04කින් ප්‍රමාද කිරීමට අගමැති බොරිස් ජොන්සන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින්ගේ වැඩිවීමත් සමග එම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව ලබන 21 වැනි දා සිට බ්‍රිතාන්‍යයේ කොරෝනා සීමා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණත් නව…

    Read More

    සහල් මෙට්‍රික්ටොන් 16000ක් ගෙනත්

    සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් පසු ඊයේ (18) සවස 3:30 පමණ වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 16,000 කි. ඉන් මෙට්‍රික්ටොන් 6,000ක් කැකුළු සහල් වන අතර ඉතිරි 10,000 නාඩු සහල් වෙයි. රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ඒ බව පැවසීය. පසුගිය දෙසැම්බර් 04 වනදා…

    Read More

    වාහන ආනයනය ගැන අලුත්ම දැනුම්දීම

    එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය අනිවාර්යෙන්ම ආරම්භ කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් පැවසුවේ නිසි ක්‍රමවේදයකින් යුතුව එම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ඉදිරියේදි ජනපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ  සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා, “පෙබරවාරි සිට…

    Read More