Headlines

    නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට 

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතය. එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය. මෙහිදී අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා, “මේ ජනවරම අපි පිළිගන්නවා. අපිට දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රී ධුර 02ක් සහ…

    Read More

    දැනෙන්න අඩුවෙන ජල ගාස්තුව

    සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, විදුලි බිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස ජල ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවය. ජල ගාස්තු අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව සඳහන්ය. ජල බිල අඩුකිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි…

    Read More

    හෙට විදුලි කප්පාදුවක් නෑ

    හෙට දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි. එම මණ්ඩලය දැනුම් දුන්නේ පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි බැවින් එම තීරණය ගත් බවය.  පසුගිය ඉරිදා දිනයේදී සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා ඊයේ සහ අද දිනයේ…

    Read More

    උතුරු සුලග චිත්‍රපටයේ ප්‍රථම දර්ශනය දවසේ ලබාගත් චායාරූප

    චාමර ජනරාජ් පීරිස්ගේ .. උතුරු සුළග චිත්‍රපටයේ film premier එක අති උත්කර්ෂවත් අන්දමින් පවත් වුනේ ලිබර්ටි සිනමහලේදීය .. එහිදී බොහෝ දෙනාගේ කතාබහ වුනේ .. උතුරු සුළඟ චිත්‍රපටය covid වලින් කඩා වැටුන සිනමාවට හොද එන්නත් වනු ඇති බවය.. උතුරු සුලග ප්‍රථම දර්ශනය දවසේ ලබාගත් චායාරූප බලන්න දශක තුනක කුරිරු යුද්ධයේ අත්දැකීම් හා මතකයන් සිත් වලින් ඈතට…

    Read More

    ඉදිරි දින කිහිපයේ කාලගුණයේ ලොකු වෙනසක්

    ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත. අද (17) දිනයේද බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ….

    Read More

    පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියෝ අපවත් වෙති

    ඓතිහාසික රංගිරි – දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී  විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුල්ල මැද පන්සලයෙහි අධිපති සිරි වළගම්බා මහා පිරිවෙන් අධ්‍යක්ෂ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති  අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී (19) අපවත් වී තිබේ. උන්වහන්සේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුවට දැනුම්දෙන බව විහාරස්ථ දායක…

    Read More

    තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික්, සැෂේ පැකට් මාර්තු 31ක සිට තහනම් කර ගැසට් පත්‍රයක් රජය විසින් නිකුත් කරයි.

    ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවරී ඇති බලතල අනුව තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව ප්ලාස්ටික් නියාමනයට අදාළව අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් රජය විසින් නිකුත් කර තිබේ. යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි…

    Read More

    ආචාර්ය උපාධිය ගැන කථානායකවරයා ප්‍රතිචාර දක්වයි

    කථානායක අසෝක රංවල මහතාට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් සමාජය තුළ මතභේදාත්මක කතාබහක් නිර්මාණය වී තිබේ. විපක්ෂයේ පාර්ශ්ව පෙන්වා දෙන්නේ කථානායකවරයා තමාට සැබෑ ලෙසම ආචාර්ය උපාධියක් ඇත්දැයි තහවුරු කර පෙන්විය යුතු අතර රජය මෙම සමාජ සැකය දුරු කළ යුතු බවය. කථානායක අසෝක රංවල මහතා මහ මැතිවරණයට තරගකිරීමටත් පෙර ඔහු පිළිබඳ කෙරෙන හැඳින්වීම්වලදී ආචාර්ය යන…

    Read More

    ශ්‍රී ලාංකිකයින් 6160කට ඊශ්‍රායලයේ රැකියා වරම්

    ශ්‍රී ලාංකිකයින් 6,160 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ. ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව එම අවස්ථාව හිමිව ඇත.  එමෙන්ම 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකික තරුණයින් 1,082 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ…

    Read More

    රටවල් 38ක පුරවැසියන් ට වීසා ගාස්තු රහිත ප්‍රවේශය

    සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘one-chop’ ක්‍රමය අනුගමනය කරමින් රටවල්  38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර දී ඇත. මෙම තීරණය ක්‍රියාත්මක කිරීමත් සමග වීසා කවුළු තුළ තදබදය අඩු කිරීමට හැකිවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

    Read More