Headlines

    ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් දැනුම්දීමක්

    මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චරුක දමුනුපොළ මහතා පැවසුවේ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවය. “මේ දිනවල ඔබේ ජංගම දුරකථනයට ව්‍යාජ පණිවුඩ ලැබෙන්න පුළුවන්. මේ ඔස්සේ තෑගි මුදල් දිනා ඇති…

    Read More

    සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට..

    චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් ගුවන් යානයක්  අද (09) අලුයම 5ට පමණ කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබේ. ඒ අනුව එම එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරිරථ මඟින් ප්‍රවහනය කිරීම සිදු කර ඇත. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, එම එන්නත් තොගයත් සමග මෙරටට ලැබුණු සයිනොෆාම් එන්නත් ප්‍රමාණය මිලියන…

    Read More

    EPF වෙනුවෙන් ඩිජිටල් දත්ත පද්ධතියක්

    මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය විමර්ශනය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත…

    Read More

    පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළු කිරීම ගැන ආ කැබිනට් යෝජනාව

    පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළු කිරීම ගැන දැනට ඇති චක්‍රලේඛ සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ. අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි විනිවිදභාවයෙන් සහ අක්‍රමිකතා අවම වන පරිදි පසුගිය වසරවල ලද අත්දැකීම් පදනම් කරගෙන එම සංශෝධන කිරීමට නියමිතය. එකී සංශෝධිත අනුව 2025 වසර සඳහා සහ ඉන් ඉදිරියට පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළු…

    Read More

    සම්බුදු තෙමඟුල සැමරෙන පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි..

    ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමගුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ. සමස්ත බෞද්ධ සැදැහැවතුන්ගේ වටිනාම පුණ්‍ය උත්සවය වන මෙය, බෞද්ධ ජනතාව විසින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් වෙසක් පොහොය සැමරීම සිදුකරනු ලබයි. ලොව පුරා බෞද්ධ ජනතාවට පවතින ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් නිවෙස් තුළම රැඳී සිටිමින් මෙවර…

    Read More

    මෛත්‍රී සහ දුෂ්මන්ත ඉල්ලූ අතුරු තහනම ඉවතට

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ සහ මහ ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩබලන ලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල යන අය කළ ඉල්ලීමක් නිෂ්ප්‍රභා කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ. අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට…

    Read More

    තහනම් කෘෂි රසායනික සමග තිදෙනෙක් අත්අඩංගුවට 

    මෙරටට ගෙන්වීම තහනම් කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය පැකට් 500 බැගින් අඩංගු පෙට්ටි 10ක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 475,000කට ආසන්න බවද පොලීසිය පවසයි….

    Read More

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ඊයේ ආසාදිතයින් 211 යි මරණ 03 යි..

    අද දින (02) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 211 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 14 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 197 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (01) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    ලංකාවට එවන කොවිඩ් – 19 එන්නත් තොගය සූදානම් – ඉන්දියාව දන්වයි

    ඉන්දීය දේශීය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඉදිරි සති හා මාස වලදී හවුල්කාර රටවල් සඳහා ඉන්දියාව විසින් කොවිඩ් -19 එන්නත ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට බදාදා (20) සිට ආධාර යටතේ කොවිඩ් -19 එන්නත ලබා දෙන බව ඉන්දියාව අඟහරුවාදා (19) නිවේදනය කළේය. එන්නත් සැපයීම සඳහා ශ්‍රී…

    Read More

    අලි සබ්රි රහීම් ට ඇප

    පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබේ. එහිදී පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත් නියෝග කර ඇත්තේ ඔහුට ජුලි 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසය.  අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහුට පසුගියදා වරෙන්තු නිකුත් කෙරුණු අතර…

    Read More