Headlines

    දිස්ත්‍රික්ක 06 ක ග්‍රාම නිළධාරී වසම් 13 ක් Lockdown..

    දිවයිනේ දිස්ත්‍රික්ක 10 ක ග්‍රාම නිළධාරී වසම් 70 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (17) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. මේ අතර තවත් දිස්ත්‍රික්ක 07ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලා බව ද ඉවත් කර ති⁣බේ.

    Read More

    අප්‍රේල් 21 වනදා කිතුනු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්..

    2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයට වසර 2ක් ගතවන, එළඹෙන 21 වනදා පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබා දෙන ලෙසට පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බවට වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ, එම නිවේදනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස…

    Read More

    කෘෂිකර්මාන්තය සඳහා දිගුකාලීන ජාතික වැඩසටහනක අවශ්‍යතාවය ජනපති පහදයි

    අක්‍රමවත්ව පවතින මෙරට කෘෂිකර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙනඒමට දිගුකාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක විය යුතු බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශන්හි ප්‍රගති සමාලෝචනයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ. එම අමාත්‍යාංශවල දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් ද මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙතෙක්…

    Read More

    අද අලුයම බස් රථයක් ගිනි ගනී – ගින්නට හසුවී අයෙක් මරුට

    අද (22) අලුයම බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. පොලීසිය සඳහන් කළේ අද අලුයම් කාලයේ උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් ගිනි ගැනීමට ලක්වී ඇති බවය. මෙම බස් රථය ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට වන්දනා නඩයක් සමඟ පැමිණි පිරිසක් මෙම විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන…

    Read More

    E-8 වීසා කාණ්ඩයේ රැකියා ජාවාරමක් ගැන දැනුම්දීමක්

    දැනට ක්‍රියාත්මක නොවන කොරියානු  E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පැවසුවේ E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක්…

    Read More

    කලාඔය ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත්

    කලාඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (29) පෙරවරුවේ පැවසීය. ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවල ගමන්ගන්නා වාහන පදවන්නන් මේ පිළිබඳ විශේෂ…

    Read More

    සූචී අත්අඩංගුවට ගෙන මියන්මාර හමුදාව කුමන්ත්‍රණයකින් එරට බලය අල්ලා ගනී.

    මියන්මාරයේ හමුදාව කුමන්ත්‍රණයකින් රට පාලන බලය අල්ලා ගෙන රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ඊයේ (01) පාන්දර වැටලීම් වලදී අවුන් සාන් සූ කී සහ රජයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රඳවා තබා ගැනීමෙන් පසුව. මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගොන් හි වීදිවල මුර සංචාරයේ යෙදෙන පුළුල් අන්තර්ජාල හා සන්නිවේදන අවහිර කිරීම්, බැංකු වසා දැමීම සහ හමුදා සොල්දාදුවන්…

    Read More

    අයවැය හිඟය පියවීම සඳහා ණය මුදල් භාවිත කරනවා – මන්ත්‍රී සරත් කුමාර

    රජය විසින් ගෙන එන ලද අයවැයේ අයවැය හිඟය පියවීම සඳහා දේශීය හා විදේශීය ණය මුදල්වලින් සපුරා ගැනීමට බළාපොරොත්තු වන බව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සරත් කුමාර මහතා පවසයි. අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනතාවට විශ්වාස කළ හැකි අයවැයක් මෙවර රජය විසින් ඉදිරිපත් කළ බවය. “2025 වසරේදී ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 4,990ක්. බදු…

    Read More

    කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට අයදුම්පත් කැඳවයි

    කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේ ක්ෂේත්‍ර ගණනාවකට අදාළව පිළිගත් දැනුම, පළපුරුද්ද සහ විශිෂ්ටත්වය ඇති තැනැත්තන් අතුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අයදුම්පත් කැඳවා ඇති බවය. ඒ අනුව www.parliament.lk පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ක්ෂණික සබැඳි යටතේ ‘කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම’ නමින් පළ…

    Read More

    නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ඇතුළු පිරිසක් ගෑස් සිලින්ඩරයෙන් එයි

    එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණ කර තිබේ. මේ බව අද (04) පස්වරුවේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    Read More