Headlines

    දේශීය ගුවන් ගමන්වාර වැඩි කරන්න සැලසුම්

    දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බවය. පලාලි ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අනතුරුව අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේය. “මුලික තීරණයක්…

    Read More

    හීත්‍රෝ ගුවන් ගමන් යළි අරඹයි

    තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් නැවත ආරම්භ කර තිබේ. එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස පුරා මෙහි බහුතර ගුවන්ගමන් අත්හිටුවීමට එහි පරිපාලනය කටයුතු කළේය. එංගලන්තයේ ප්‍රධානම මෙන්ම විශාලම ගුවන්තොටුපොළ මෙය වන අතර, එය හදිසියේ වසාතැබීමට සිදුවීමෙන් මගීන් ලක්ෂ 2ක් පමණ පීඩාවට පත් වූ බව විදෙස්…

    Read More

    පුහුණු නියමුවන් දෙදෙනා ජෙට් යානයෙන් පැන දිවි බේරාගනී

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයට අද (21) පෙරවරුවේ කඩා වැටී තිබුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ යානය කඩා වැටෙන අවස්ථාවේදී එහි පුහුණු නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ඉන් ඉවත්වී ඇති බවය.  මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ පුහුණු ජෙට් යානයකි. යානය පොල්වගා භූමියක් වෙත කඩා වැටී…

    Read More

    ජෙට් යානයක් වාරියපොලට කඩා වැටෙයි

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ. කටුනායක සිට ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව සඳහන් ය. එම යානයේ නියමුවන් දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇති බව ගුවන් හමුදාව පවසයි.

    Read More

    තවත් බිහිසුණු ගුවන් අනතුරක් – 12කට දිවි අහිමිවෙයි

    මධ්‍යම අමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අනතුරින්  පස් දෙනෙකු දිවි ගලවා ගෙන අතර එක් අයෙකු තවමත් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Read More

    ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළ මගියා කොටුවෙයි

    ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු, එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අද (12) අලුයම ගුවන් තොටුපොළ පොලීසිය මඟින් අදාළ මගියාව එලෙස අත්අඩංගුවට ගෙන ඇත. මොහු ස්වීඩනයේ සහ යාපනය, නාගද්වීපය ප්‍රදේශයේ පදිංචි, දෙරටෙහිම ද්විත්ව පුරවැසිභාවයහිමි 65 හැවිරිදි…

    Read More

    ගුවන්තොටෙන් හමුවූ ජීව උණ්ඩය

    කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ගමන් මලු පර්යන්තය අසළ මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් වැටී තිබියදී සොයාගෙන තිබේ. ශ්‍රීලන්කන් භූමි සහායක සේවිකාවක විසින් එය සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පොලීසිය වෙත අද (10) දින අලුයම භාර දී ඇත. ඔවුන් මෙම උණ්ඩය මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාර දී ඇති අතර,…

    Read More