Headlines

    අතුරුගිරියේ වෙඩිතැබීමක් – ක්ලබ් වසන්ත මරුට 

    අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේ. ඒ සමගම තවත් පස්දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලීසිය පවසයි. තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය සඳහන් කළේය.

    Read More

    රුසියාවෙන් ගෙන ආ කැලෑ බළලා

    නිසි අවසරයකින් තොරව මෙරටට ගෙනැවිත් ඇති බවට සැක කෙරෙන අප්‍රිකානු කැලෑ බළලෙකු කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේදී බලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන තිබේ. මෙම සතා මෙරට හඳුන් දිවියාට සමාන ය. යුරෝපයේ සහ මැදපෙරදිග රටවල මෙම සත්ත්ව විශේෂය සුරතලයට ඇති කරන අතර එබැවින් ජාත්‍යන්තර වශයෙන් මොවුන්ට විශාල ඉල්ලුම ඇති බව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු…

    Read More

    ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කරයි

    එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඊයේ (06) උදෑසන ඔවුන් දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය. පසුගිය ජූලි 01 වනදා කලීජ් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්‍රිකානුවන්…

    Read More

    අන්තර්ජාල වංචා ඉහළට

    වසරේ ගතවූ මාස 5ක කාලසීමාව තුළ අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක් වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුගල මහතා සඳහන් කළේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි 7,916 ක් වාර්තා වී ඇති බවය. ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරමින් චරුක දමුණුගල මහතා සඳහන් කළේ මාස දෙකක් ඇතුළත ළමුන්…

    Read More

    සුපිරි නිවාස සංකීර්ණයේ ඛේදවාචකය – CCTV ඔස්සේ පරීක්ෂණ

    කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක ගැහැනු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ඊයේ (02) රාත්‍රියේ මියයෑම සම්බන්ධයෙන් මේ වනවිට CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වයි. පොලීසිය පැවසුවේ, මෙය සියදිවි නසාගැනීමක් බවට සැකපළ කරන බවය. මොවුන් දෙදෙනා කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිට තිබුණි….

    Read More

    කෝටි ගණනක ස්වර්ණාභරණ ජාවාරමක්

    ව්‍යාජ රන්භාණ්ඩ උපයෝගී කරගනිමින් රුපියල් 19,670,000ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බදුල්ලේ පෞද්ගලික මූල්‍ය ආයතනයක රන් භාණ්ඩ උකස් අංශයේ නිලධාරියෙක්ව මෙම ජාවාරම සම්බන්ධයෙන් බදුල්ල පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. පෞද්ගලික මුල්‍ය ආයතනයේ කළමණාකරු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය මේ පිළිබඳ විමර්ශන සිදුකර ඇත. සැකකරුගේ ප්‍රකාශය…

    Read More

    තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට

    නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඩෙල්ෆ් ආසන්න මුහුදු ප්‍රදේශයේ අද (01) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය. එහිදි ධීවර බෝට්ටු 04ක සිටි ඉන්දිය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ධීවරයින් සම්බන්ධයෙන්…

    Read More

    තඹුත්තේගමින් කොටුකර ගත් හොර නෝට්ටු මුද්‍රණාලය

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් තිදෙනෙක් තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සන්තකයේ තබාගෙන සිටි 17 හැවිරිදි උඩුනුවර ජනපදය, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පසුගිය 25 වන දින අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. එම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ ව්‍යාජ නෝට්ටු ළඟ තබා…

    Read More

    රුසියාවේ ආගමික උත්සවයකට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක්

    රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ. ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත් ය. එසේම පූජකයෙක්, ආරක්ෂක නිලධාරියෙක් සහ ප්‍රහාරයට පැමිණි සන්නද්ධ පුද්ගලයින් 6 දෙනෙක් ද මියගොස් ඇති බව වාර්තා වෙයි. ආගමික උත්සවයක් ඉලක්කකර මෙම ප්‍රහාරය එල්ලකර තිබුණි. ඩජෙස්තාන් කලාපයට මීට පෙරද ඉස්ලාමීය සටන්කරුවන්ගේ ප්‍රහාර…

    Read More

    ව්‍යාජ මැණිකක් විකුණන්න ගිය දෙදෙනෙකු පොලිස් දැලේ

    අධික වටිනාකමකින් යුත් මැණික් ගලක් බවට අඟවමින් ව්‍යාජ පාෂාණයක් අලෙවිකිරීමට සූදානම් වු පුද්ගලයින් දෙදෙනෙකු ආණමඩුව පොලීසිය විසින් ඊයේ (23) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් දෙදෙනා ආණමඩුව නගරයේ ව්‍යාපාරීකයෙකුට එම පාශානය රුපියල් කෝටියක විකිණීමට උත්සාහ දරා තිබුණි. ඒ සම්බන්ධයෙන් සැකසිතු අදාළ ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව පරමාකන්ද ගම්මානයේ…

    Read More