මාස 5ක් තුළ මෙරටට පැමිණි සංචාරකයින් මිලියනය ඉක්මවයි 

2025 වසරේ මුල් මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මැයි මාසයේ 25 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,006,097ක් බව එම අධිකාරිය පවසයි. තවද එම අධිකාරිය පැවසුවේ මැයි මාසයේදී මැයි 25 දක්වා තවත් සංචාරකයින් 109,213 පැමිණ ඇති බවය.

Read More

ආනයනික පළමු ලුණු තොගය බදාදා දිවයිනට

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් ලබන බදාදා දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ලුණු ආනයන කටයුතු ප්‍රමාද වීමට ඉන්දියාව සහ පාකිස්තානය අතර හටගත් අර්බුදකාරී වාතාවරණය ද හේතූවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. අද පෙරවරුවේ පුත්තලම ලුණු සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය…

Read More

අනියත බිය ලුණු හිඟයට හේතුවක් 

ලුණු හිඟයක් ගැන පාරිභෝගිකයා තුළ ඇති අනියත බිය හේතුවෙන් ඔවුන් වැඩි වැඩියෙන් මිලදී ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා පවසයි. ඔහු පවසන්නේ ජනතාව ලුණු පැකට් 10 – 12 රැගෙන ගොස් මාස 5කට 6කට ඇතිවෙන්න ලුණු රැසකර ඇති බවයි. තවදුරටත් අදහස් දැක්වූ නන්දනතිලක මහතා, “වෙළෙඳපොළට අපි ලුණු නිකුත්කරගෙන යනවා. අද රටේ…

Read More

2023 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය බලපෑ අයුරු

2023 වර්ෂයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා නියුක්තිකයන්ගෙන් 15.1% ක පිරිසකට රැකියා අහිමි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ අදාළ කාලසීමාව තුළ මෙරට පවුල්වලින් 60.5 %ය ගේ මාසික ආදායම අඩු වී ඇති බවය. 2023 වර්ෂයේ ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කළ ගෘහස්ථ සමීක්ෂණයේ අවසන් වාර්තාවෙන්…

Read More

පැනවූ බදු ගැන අමෙරිකාව සමග සාකච්ඡාවට රජය සූදානම්

ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව රජය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පැවසුවේ සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට හැකි ඉක්මනින් අමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වීමට රජය සූදානම් බවය. සම්පූර්ණ නිවේදනය පහතින්.

Read More

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම ඊයේ දිනයේ සජීව…

Read More

අද සිට ඇරඹෙන බදු සංශෝධන

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අදාළ බදු සහනය ඉල්ලා සිටීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයින් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඒ සඳහා ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවය. ඕනෑම…

Read More

අතුරු සම්මත ගිණුමේ මුදල් තවදුරටත් වලංගු නෑ – මුදල් අමාත්‍යංශය

මේ වසරේ පළමු මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම මගින් වෙන් කෙරුණු ප්‍රතිපාදනවල ඉතිරි මුදල් අවලංගු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊයේ (23) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වෙයි. 2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් පියවීම සඳහා රුපියල් බිලියන 1,402 ක අතුරු සම්මත ගිණුමක්…

Read More

TIN අංකය තවමත් ක්‍රියාත්මක නැහැ – මුදල් කාරක සභාවේ දී හෙළිවෙයි

මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද ලක්ෂ 8ක් පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතුව කුමක්දැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් පසුගියදා ප්‍රශ්න කරන ලදී. නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් ප්‍රකාශ කළේ පවතින ක්‍රමවේදය අනුව ආසන්න වශයෙන් ලක්ෂ 80ක පිරිසකගෙන් ලක්ෂ 8ක් පමණක් බදු…

Read More

අදානි ව්‍යාපෘතිය ගැන අලුත් කතාවක්

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ. ඉන්දියාවේ “ද හින්දු පුවත්පත” වාර්තා කර ඇත්තේ අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් අදානි සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර තවමත් සාකච්ඡා පවත්වමින් සිටින බවය. එම ව්‍යාපෘතිවල ගාස්තු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා අදාළ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා කර…

Read More