featureNews
ගිනිඅවි භාරදීමට ලබා දී තිබු කාලය දීර්ඝ කෙරේ
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස 21 වන දිනට ප්‍රථම භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණි. කෙසේවෙතත් ඉදිරිපත්ව…
ජනපති ලේකම් හා මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්
ජනාධිපති ලේකම් ආචාර්යය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘා පැට්‍රික් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුව තිබේ. එහිදි වංචා දූෂණ අවම කිරීමට පළාත් පාලන ආයතන පිළිබඳ බ්‍රිතාන්‍යයේ පවතින ක්‍රමවේදය දෙපාර්ශවයේ සාකච්ඡාවට ලක්ව ඇත. ඒ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ හැකි බව ද මෙරට…
චන්ද්‍රිකාගේ ගේ ආරක්ෂාව ඉවත්කර නැහැ – කැබිනට් ප්‍රකාශක
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩුකිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා ඒ බව පැවසීය. “දැනට හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියලා තිබුණා එතුමියගේ ආරක්ෂාව ඉවත්කරනවා කියලා. එහෙම ඉවත් කිරීමක් කරලා නැහැ. එතුමිය ලිපියක් එවලා තිබුණා 30ක්…
2025 සඳහා පාසල් නිල ඇඳුම් චීනයෙන්
2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11.82ක් පමණ වේ. එම සම්පූර්ණ ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබා දීමට මහජන චීන සමූහාණ්ඩුව විසින් එකඟතාව පළ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. මෙම රෙදි තොගයට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවන ලද නියැදිය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය…
මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක්
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ රැස්වීම පැවැත්වෙනු ඇති බවය. “2024 නොවැම්බර් මස 14 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක තේරීම්භාර නිලධාරීවරු, දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරු මැතිවරණ…
පාස්පෝට් පෝලිම ගැන ඇමති විජිතගෙන් ප්‍රකාශයක්
පාස්පෝට් ලබාගැනීම සඳහා දිනයක් ලබාගැනීමට ඔන්ලයින් ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එම ක්‍රමවේදය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක විය. අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ අවශ්‍යතාවයට සරිලන ලෙස හිස් පාස්පෝට් එක්වර ගෙන්වා ගත නොහැක්කේ පෙර රජය සහ සැපයුම්කරු අතර ඇතිව තිබූ එකඟතාවයකට අනුව බවයි. “කොටස් වශයෙන් දැන් පාස්පෝට් ලැබෙනවා….
වෛද්‍ය සාෆිට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කෙරේ
වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය. ඒ අදාළ නඩුව අද කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ දීය. එහිදී වෛද්‍ය සාෆිට එරෙහිව ගොනුකර තිබු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වී ඇති බව මහෙස්ත්‍රාත්වරයා පෙන්වා…
ට්‍රම්ප් ජය තහවුරු කරයි
අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබේ. මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 267ක් දිනා ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ උප ජනාධිපතිනී කමලා හැරිස් දිනා ඇත්තේ ආසන 224ක් පමණයි. ඒ අනුව 2024 අමෙරිකානු ජනාධිපති තමන් ජයගත් බවට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති…
ගෝල්ෆේස් පිටිය ගැන තීරණයක්
ගාලු මුවදොර පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඊයේ (05) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී එම තීරණය ගත් බව ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගමේ කළමනාකරණය සහ පරිපාලනය යටතේ පවතින ගාලුමුවදොර…
ඉන්ධන මිල සංශෝධනයට ඇති බාධාව ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්
ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, “මිල සූත්‍රයකින් තොරව ක්‍රියාත්මක වුණාම මිල දේශපාලන අවශ්‍යතාවය මත…