featureNews
නලයක් කැඩී යාමෙන් කෑගල්ලේ ජල සැපයුම නවතී
ප්‍රධාන නල මාර්ගයේ සිදු වූ බිඳ වැටීමක් හේතුවෙන් කෑගල්ල නගරයට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒම මණ්ඩලය පැවසුවේ කෑගල්ල නගරයට ජලය ගෙනයන ප්‍රධාන නලයකට ගලක් පෙරලී යාමෙන් සිදුවූ හානිය හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවය. නලය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර…
ඉන්දියාව හා කැනඩාව අතර අර්බුදය උග්‍ර වෙයි
කැනඩාවේ හින්දු කෝවිලකට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ. අදාළ ප්‍රහාරය හිතාමතා සිදුකර ඇති ප්‍රහාරයක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත. මෙවැනි ප්‍රචණ්ඩක්‍රියා මඟින් ඉන්දීය අධිෂ්ඨානය කිසිවිටෙකත් දුර්වල කිරීමට හැකියාවක් නොමැති බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගැටලුකාරී…
ආනයනික සීනිවලට පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත්
ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පසුගිය වසරේ නොවැම්බර් පළමු වැනි දින සිට වසරක කාලයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබීය. එහි වලංගු කාලය නොවැම්බර් මස පළමු වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබු අතර අදාළ වෙළෙඳ…
විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නවතී
ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතා එහි අත්‍යවශ්‍ය ප්‍රතිංස්කරණය ඉදිරියට සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ පසුගිය මස 23 වන දින සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවත්වන සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවය. ඒ අනුව සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීම, පාරිභෝගික තෘප්තිමත්භාවට ඉහළ අගයක…
සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම සිට
2024 (2025) අ.පො.ස සා/පෙළ විභාගය සඳහා අයදුම්පත් අද (05) සිට මාර්ගගතව භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, 2024 නොවැම්බර් 30 දක්වා එම අයදුම්පත් භාරගන්නා බවය. ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුය. පෞද්ගලික අයදුම්කරුවන්…
කෝටි 3කට අධික වැට් බදු නොගෙවූ ජනක රත්නායකට සිතාසි
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳට එළැඹෙන දෙසැම්බර් මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (04) නියෝග කළේය. ඒ කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීමේ ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි තුනකට අධික…
පාස්පෝට් පෝලිම අදත් – ළඟදීම Online ටෝකන්
දැනට ලැබී ඇති විදෙස් ගමන් බලපත්‍ර තොගය සඳහා ටෝකන් නිකුත් කිරීම ඉදිරියේදී මාර්ගගත ක්‍රමවේදයකට අනුව සිදුකරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍ය විජිත හේරත් මහතා කඩවත පැවති උත්සවයකින් පසුව මාධ්‍යයට අදහස් පළ කරමින් සඳහන් කර සිටියේ, හදිසි අවශ්‍යතාවයකට හැර නොවැම්බර් මාසය තුළ පාස්පෝට් ගැනීමට නොපැමිණෙන ලෙසය. කෙසේ වෙතත් අදත් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට…
කරාපිටිය රෝහලේ වෛද්‍යවරු අඛණ්ඩ වර්ජනයක
කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද (05) පෙරවරු 8 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමලේකම් වෛද්‍ය අසංක කෝණාර මහතා පැවසුවේය. මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර ද කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක නිරත වූ අතර බලධාරීන් එම ගැටලුවට…
සුනිල් ජයරත්න ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ලෙස පත්කෙරේ
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ සුනිල් ජයරත්න මහතා ව පත්කර තිබේ. ඔහු අද (04) කටුනායක පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී වැඩ භාරගෙන ඇත. සුනිල් ජයරත්න මහතා වසර 37ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස ද…
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ
පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය….