Headlines

    ශ්‍රී ලංකා ටෙලිකොම් නව සභාපති ධුරය ආචාර්ය මොතිලාල්ට

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ. එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය. ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් ආචාර්ය මොතිලාල් විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇති අයෙකි. වසර 5ක් එකදිගට පාඩු ලැබූ ටෙලිකොම් ෆිජි ආයතනය ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සමත්වී…

    Read More

    රට පුනරුදයකට රැගෙන යන ගමන ආරම්භ කර ඇති බව ජනපති කියයි

    කඩා වැටුණු රට යළි පුනරුදය කරා කැඳවන යුගය මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, මෙම ගමන කිසිවෙකුටත් වැළකිය නොහැකි බවය. රට ගොඩනැගීම සඳහා වන සැලසුම් රැසක් මේ වන විට සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. “අපේ රට…

    Read More

    කැනඩාවේ සයිබර් අවදානම් ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කරයි

    සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කිරීමට කැනඩාව කටයුතු කර තිබේ. ඒ කැනඩාවේ වාසය කළ සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයෙන් අනතුරුව දෙරට අතර හටගත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් තීව්‍ර කරමිනි. ඉන්දීය රජයේ අනුදැනුම සහ අනුග්‍රාහකත්වය යටතේ තම රටට එරෙහිව ඔත්තු බලමින් සිටිය හැකි බව කැනඩාව චෝදනා කරයි. මේ අනුව කැනේඩියානු සයිබර් අවදානම් තක්සේරු ලැයිස්තුවට…

    Read More

    තානාපති සේවයට පත්කර ඇති දේශපාලකයන් යළි කැඳවනවා – ජනපති

    මෙරට තානාපති සේවය සඳහා පත්කර ඇති සියලු දේශපාලකයන් යළි කැඳවීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළියේ ඊයේ (03) පැවති ජන රැලියකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පරිවර්තනීය වෙනසක් සිදුකිරීම සඳහා සියලු ජාතීන්ගේ ද සහාය හිමි පාර්ලිමේන්තු බහුතරයක් අවශ්‍ය බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “නොවැම්බර් 14 මහ මැතිවරණය…

    Read More

    හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

    පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කර වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (3) සමත් විය. අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු…

    Read More

    සැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ අඩුවෙයි

    අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අගෝස්තු මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 577ට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 556 දක්වා අඩු වී ඇති බව මහ බැංකුව පෙන්වාදෙයි. කෙසේවෙතත් 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024…

    Read More

    ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාදයෙන් ගැටලු රැසක්?

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් සිදු නොකළහොත් ඉදිරි විභාග සඳහා ද ඉන් බලපෑමක් සිදුවනු ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අධ්‍යාපන බලධාරීන් කඩිනමින් ඒ පිළිබඳව අවධානය යොමු කර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කළ යුතු බවය. ඇගයීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් පාසල්…

    Read More

    ඉරානයෙන් ඊශ්‍රායලයට සහ අමෙරිකාවට අනතුරු ඇඟවීමක්

    තම රටට එරෙහි ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිචාරයක් හිමිවනු ඇති බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසයි. පසුගිය සතියේ ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කරන බව යළි අවධාරණය කරමින් ඉරාන අධ්‍යාත්මික නායකයා පෙන්වාදී ඇත්තේ සිය රටට සහ ජනතාවට එරෙහිව කටයුතු කරන අමෙරිකාවට සහ ඊශ්‍රායලයට ඉදිරියේ දී දරුණු ප්‍රතිඵල අත්විඳීමට සිදුවනු…

    Read More

    රුසියානු අධිකරණයක් ගුගල් සමාගමට එරෙහිව අතිවිශාල දඩයක්

    රුසියානු අධිකරණයක් ගුගල් සමාගමට එරෙහිව අතිවිශාල දඩයක් නියම කර තිබේ. ඒ, 2020 වසරේ සිට RT සහ Sputnik ඇතුළු රුසියානු මාධ්‍ය  ආයතන 17කට අයත් Youtube වැඩසටහන් ප්‍රචාරය හා ප්‍රවේශයන් සීමා කිරීම හේතුවෙනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි අංක දෙක සහ බින්දු 36 කින් යුත් රූබල් අන්ඩෙසිලියන් දෙකක් ලෙස හැඳින්විය හැකි මෙම දඩය ….

    Read More

    ලෙබනනයේ විදෙස් රැකියා සඳහා යන ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

    ලෙබනනයේ විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත සේනානායක මහතා සඳහන් කළේ, එරට පවතින ගැටුම් සමනය වනතුරු එම රට සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි නොකරන බවයි. ලෙබනනයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ. මේ වන විට ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින්…

    Read More