featureNews
හොංකොං සික්සස් සටනේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද
හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාසිටින ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලයට එරෙහිව අද (2) දහවල් ක්‍රීඩාකිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ ක්‍රීඩාකළ සියලුම තරග ඊයේ අවසන් වූ අතර, ඒ හේතුවෙන් ඔවුන් එදිනම තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය. කෙසේ නමුත් ‘ බී’ කාණ්ඩයෙන් ක්‍රීඩාකළ නේපාල කණ්ඩායමට මූලික වටයේ…
කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩවර්ජනයක
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වරකාගොඩ මහතා පවසා සිටියේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.
කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
අද (2) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වෙරළබඩ…
සරසවි සිසුවියන් දෙදෙනෙකුට මරු කැඳවූ මාරක බස් අනතුරේ සම්පූර්ණ කතාව
බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේ අද (01) පෙරවරුවේ බස් රථයක් පෙරළීමෙන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. අනතුරෙන් තුවාල ලැබූ තවත් 39 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවය. අද පෙරවරු 8ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ…
ඌරු ගොවිපොළ ලියාපදිංචිය ගැන හදිසි දැනුම්දීමක්
දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි. ඒ මෙරට ඌරු ගොවිපොළවල සිටින ඌරන්ට පළමු වරට අප්‍රිකානු සූකර උණ වැලඳී ඇති බවට වාර්තා වීමත් සමගය. මෙම සූකර උණ රෝග තත්ත්වය පළමුවරට බස්නාහිර පළාතෙන් වාර්තා වු අතර මේ වනවිට ඌව, උතුරු මැද…
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය හාන්ස් පත් කෙරේ
ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කර තිබේ. ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇති බව…
දෙසැම්බර් සිට පාස්පෝට් නිකුත්කිරීම වේගවත් වෙයි
දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේදී හිස්ගමන් බලපත්‍ර ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් ලැබීමට නියමිත බවයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවත්, එම ක්‍රමවේදය නුදුරු දිනයකදීම…
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන IMF අලුත්ම පැහැදිලි කිරීම
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව IMF ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (01) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, නව රජය දිවුරුම් දීමෙන් පසු IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා…
දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්
රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේ දි පීලිපැනීම හේතුවෙන් සමුද්‍රදේවි දුම්රිය දොඩන්දූව දුම්රිය ස්ථානයේ සිටත්, සාගරිකා දුම්රිය බූස්ස දුම්රිය ස්ථානයෙන් සහ නයනාකුමාරි දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානයේ සිටත් ගමන් ආරම්භ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම දුම්රිය නියමිත වේලාවන්වලදී අදාළ දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කළ බවය. කෙසේ වෙතත් ගාලු කුමාරි දුම්රිය සහ තැපල් දුම්රිය ප්‍රමාද…
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද (01) යි. පසුගිය මස 30 වනදා තැපල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල සහ පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද සලකුණු කෙරුණි. ඒ අනුව අද දිනයේ ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා…