featureNews
මුහුදු නොයන්න යැයි ධීවරයන්ට උපදෙස්
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ත් දක්වා වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත්, කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5…
ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී. 100ක පමණ තද වැසි
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද…
වසා දැමුණු වැලිපැන්න පිවිසුම යළි විවෘත කරයි
කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව අඩුවීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අද (12) උදෑසන 7ට නැවත ගමනාගමන කටයුතු සඳහා විවෘත කරනු ලැබීය. ඇදහැළුණු වර්ෂාවත් සමග වැලිපැන්න පිවිසුම ඊයේ උදෑසන ජලයෙන් යටවූ අතර, ඒ හේතුවෙන් එම ස්ථානය තාවකාලිකව වසා දැමීමට සිදුවිය.
ජනපති හා සමන්තා පවර් අතර සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා ඇත. මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ශ්‍රී ලංකාව සහ ජත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත….
තවත් ප්‍රබලයෝ පිරිසක් මහ ඡන්දෙට නොඑති
හිටපු මැතිඇමතිවරුන්ගෙන් තවත් පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කර තිබේ. ඒ අතර පසුගිය රජයේ කැබිනට් ඇමතිවරුන්ද සිටී. පසුගිය ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා මෙවර මහ මැතිවරණයට තරඟ නොකරන බව තහවුරු කර තිබේ. එමෙන්ම පසුගිය ආණ්ඩුවේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත් මහතාද මෙවර…
නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික බෝම්බයෙන් බේරුණු පිරිසකට
ජපානයට හෙලන ලද න්‍යෂ්ටික බෝම්බවලින් බේරුණු කණ්ඩායමකට 2024 සඳහා වූ නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. එම කණ්ඩායම “Nihon Hidankyo” නමින් හැඳින්වුණි. හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලූ න්‍යෂ්ටික බෝම්බවලින් දිවිගලවාගත් එම පිරිස ලෝකයේ න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් සිදුකරන මෙහෙවර වෙනුවෙන් ඔවුන්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කළ බව නොබෙල් කමිටුව පැවසීය.
මැතිවරණ දිස්ත්‍රික්ක 22කට කණ්ඩායම් 690ක් තරගයට
2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. මාධ්‍ය අමතමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම් වලට අධිකරණයට යා හැකි බවද රත්නායක මහතා පැවසීය. වැඩිම දේශපාලන කණ්ඩායම ගණනක් තරග කරනු…
නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ
ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (11) පස්වරු 4.00 සිට හෙට (12) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා පැවසීය. ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර…
රාජ්‍ය සාහිත්‍ය උලෙළ තාවකාලිකව අවලංගු කරයි
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල තාවකාලිකව අවලංගු කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි මෙය තාවකාලිකව අවලංගු කිරීමට ගත් බවය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය…
විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අගමැතිනියගෙන් කළ ඉල්ලීම
පසුගිය කලසීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුව ඇති දූෂණ වංචා සෙවීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින බව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, දූෂණ සම්බන්ධයෙන් තොරතුරු එම කමිටුවට ලබාදීම සඳහා තම සංගමය කටයුතු කරන බවය. “මේ වනවිට අග්‍රාමාත්‍යවරිය සෞඛ්‍ය අමාත්‍යවරිය විදිහට කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම අපි කියනවා පසුගිය…