Headlines

    ලැප්ටොප් සහ ජංගම දුරකථන 437ක් සමග චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ  නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි චීන ජාතිකයින් 20 දෙනෙක් පානදුර උතුර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයින් සතුව තිබී ලැප්ටොප් 5ක්, ජංගම දුරකථන 437ක්, තරාදියක්, USB කේබල් 332ක්, ජංගම දුරකථන චාජර් 133ක්, USB වයර් කෝඩ් 21ක්, රවුටර් 17ක් ,අයි ෆෝන් 2ක් සහ තවත් උපාංග…

    Read More

    පක්ෂ රැසක් නාමයෝජනා අත්සන් තබයි

    ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වදින ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක්ම අද (09) දිනයේත් නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීය. ඒ් අනුව ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් මේ වනවිට නාම යෝජනා භාර දී තිබේ. ජාතික ජන බලවේගය සිය නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබුවේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීය. සමගි ජන සන්ධානය නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීම සිදුකළේ…

    Read More

    ආන්දෝලනයට තුඩු දුන් නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක්

    වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදීය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නුවරඑළිය තැපැල් කාර්යාලය, එම ගොඩනැගිල්ල සහ එහි පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා…

    Read More

    රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

    ස්වීඩන රාජකීය ඇකඩමිය පිරිනමන රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයේ ජයග්‍රාහකයින් අද (09) නම් කෙරුණි. ඒ අනුව එය හිමිවී ඇත්තේ අමෙරිකානු ජාතික ඩේවිඩ් බේකර්, බ්‍රිතාන්‍ය ජාතික ඩෙමිස් හසාබිස් සහ ජෝන් ජේ. ජම්පර් යන විද්‍යාඥයින් වෙතයි. ප්‍රෝටීනයක පරිගණකගත ආකෘතිය සැකසීම වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගයේ අර්ධයක් ඩේවිඩ් බේකර් වෙත ප්‍රදානය කර ඇති අතර, ත්‍යාගයේ ඉතිරි අර්ධය ප්‍රෝටීනයේ…

    Read More

    ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කෙරේ

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය සඳහා චරිත් අසලංක නම්කර ඇත. එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය අනුමැතිය ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල්…

    Read More

    කමල් අද්දරආරච්චිත් මහ මැතිවරණයට

    ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහ මැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතය. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය. මෙහිදී අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා, “හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගීම ජනතාවට බාරයි. අසාර්ථක වුණු අයව නැවත පාර්ලිමේන්තුවට ගේන සම්ප්‍රදාය අපි බිඳිමු. සහයෝගයෙන්…

    Read More

    තවත් ඖෂධ වංචාවක තතු හෙළිවෙයි

    2023 වර්ෂයට අදාළව වෛද්‍ය සැපයුම් අංශය සිදුකළ එන්නත් මිලදී ගැනීමකදී රජයට රුපියල් මිලියන 97ක පාඩුවක් සිදුව ඇති බවට නීතිපතිවරයා අද (08) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ අනුව, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අල්ලස් කොමිසමට නියෝග කළේ, පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙසය. ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝගොබියුලින් එන්නත් මිලදී ගැනීමේදී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි…

    Read More

    නෙළුම් කුලුනෙන් පැන්න සිසුවිය ගැන තොරතුරු හෙළිවෙයි

    ඊයේ (07) සවස් කාලයේ මරදාන පොලිස් වසමේ පිහිටි නෙළුම් කුලුනේ 29 මහලේ සිට 03 වන මහලට පැන සියදිවි හානිකරගත් පාසල් සිසුවිය පිළිබඳව පොලීසිය තොරතුරු හෙළිදරව් කර තිබේ. මරණකාරිය වයස අවුරුදු 16 ක් වූ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි. මෙම පාසල් සිසුවිය කොළඹ නගරයේ ජාත්‍යන්තර පාසලක 11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් බවත්, ඇය පාසල්…

    Read More

    සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ගේ සේවය අවසන් කෙරේ

    සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ගුණසිරි මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින්…

    Read More

    පාස්කු කොමිෂන් වාර්තාවට මොකද වුණේ?

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මැදිහත් වූ සහ මෙහෙයවූ පුද්ගලයින් ට එරෙහිව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.  “පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන්න විශේෂ මැදිහත්වීමක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා…

    Read More