featureNews
ජනපති සත්කෝරලයේ මහා සංඝ සමුළුව අමතයි
දැනට ක්රියාත්මක ආර්ථික වැඩපිළිවෙළ අතරමඟ නැවතුණහොත් රට අර්බුදයට යන බවත්, මෙවර ජනාධිපතිවරණය තීන්දු කරන්නේ තම අනාගතය නොව රටේ අනාගතය බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. කුරුණෑගල පැවති සත්කෝරල මහා සංඝ සමුළුව අමතමින් ජනාධිපතිවරයා ඒ බව ප්රකාශ කළේය. “ජනාධිපති ධුරය භාරගනිද්දිත් සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තා. එතනින් තමයි වැඩ ආරම්භ කළේ. වෙන කවුරුත් භාරගන්න බැහැ කියපු වෙලාවක මම…
පාතාලය මඩින්න සැරසෙන අනුර
මත්ද්රව්ය සහ පාතාලය මැඩපවත්වන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරණය ඉලක්ක කර ජාතික ජනබලවේගය පවත්වන ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ (27) දින පස්වරුවේ මීගමුවේදී පැවැත්වූයේ එම පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙනි. එහි දි ජාතික ජනබලවේගය ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, …
අම්පාර සුරපුරයක් කරනවා – සජිත්
සිය රජයක් යටතේ අම්පාර දිස්ත්රික්කය සංවර්ධනයේ සුර පුරයක් බවට පත්කරන බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්රේමදාස මහතා පවසයි. අඩ්ඩාලච්චේනෙයි හිදී පැවති ජනාධිපතිවරණ ජන රැලියකදී සජිත් ප්රේමදාස මහතා මෙම අදහස් පළ කළේය. විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ…
උතුරු බෙංගාල බොක්ක ආශ්රිතව අඩුපීඩන තත්ත්වයක් ?
උතුරු බෙංගාල බොක්ක ආශ්රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් හෙට (29) දිනයේදී වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම මුහුදු ප්රදේශවල ඉතා තද සුළං (පැ. කි. මී. 70-80) සමග තද වැසි ඇති විය හැකි බවත්, එම මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකි බවත් නිවේදනයේ දැක්වෙයි. මේ හේතුවෙන් උතුරු බෙංගාල බොක්ක…
මෙරෝන් විජේසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
පේරු රාජ්යයේ ලීමා අගනුවරදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්රීඩා ශූරතා තරගාවලයේ ශ්රී ලංකාව නියෝජනය කළ මෙරෝන් විජේසිංහ පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. ඔහු අද රාත්රියේ සහභාගී වූ මූලික වටයේ තරගය තප්පර 10.5 5කින් නිම කරමින් එහි දෙවන ස්ථානය දිනා ගත්තේය. මෙවර ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්රීඩා තරගාවලියට ශ්රී ලංකාව…
රබර් වගාවට පොහොර සහනාධාරයක්
රබර් වගාව සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්යංශය තීරණය කර තිබේ. ඒ අනුව එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර ගෙන ඇති බව එම අමාත්යංශය පැවසීය. රබර් වගා කටයුතු සඳහා වසර ගණනාවක් තුළ පොහොර යෙදවීම සිදුකර නොමැති බවට ශ්රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් පෙන්වා දී ඇති බව සඳහන්ය. ඒ…
මාලදිවයින දරුණු ආර්ථික අර්බුදයක
මාලදිවයින ඉතිහාසයේ පළමුවරට එරට ඩොලර් සංචිත පහත වැටීම හේතුවෙන් මාලදිවයින දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. එරට පවතින පරිභෝජනයට ගතහැකි ඩොලර් සංචිත එක් මාසයක ආනයන කටයුතු වෙනුවෙන් හෝ ප්රමාණවත් නොවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මාලදිවයින ආර්ථිකය මූලිකව සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය සහ මුහුදු මාර්ග ඔස්සේ භාණ්ඩ ප්රවාහනය හාරහා කේන්ද්රගතව පවතී. කලකදී ලොව සරලම බදු…
ජනතාව නොපෙළා ආර්ථිකය හදනවා -නාමල්
රටේ සාමාන්ය ජනතාව නොපෙළා ආර්ථිකය සංවර්ධනය කිරීමේ වගකීම ශ්රී ලංකා පොදුජන පෙරමුණ භාරගන්නා බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාවතගම ප්රදේශයේ පැවැති ආසන රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව ප්රකාශ කළේය. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කරන ආසන රැස්වීම් මාලාවේ මාවතගම ආසන…
මිනිසා වඳවී යෑමේ අවදානමක් විද්යාඥයින් හෙළිකරයි
මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරන Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජනවී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වී තිබේ. අමෙරිකාවේ ජාතික විද්යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් අනාවරණය වී ඇත්තේ පසුගිය වසර මිලියන 166 තුළ Y වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්රමාණයක් අහිමිවී ඇති බවය. ඒ වසර මිලියනයකට ජාන 10ක අහිමි වීමේ අනුපාතයකිනි. ඒ අනුව වසර මිලියන 4.5ක් තුළදී…
යුද්ධය නතර කරන මාර්ගය මෝදි යුක්රේනයේදී හෙළිකරයි
යුක්රේනයේ සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියගිය දරුවන් අනුස්මරණය කිරීමට සහ කියෙව් අගනුවර මහත්මා ගාන්ධි ස්මාර්කය නැරඹීමට එක්වී තිබේ. මෝදිගේ මෙම සංචාරය සැලකෙන්නේ 1991දී යුක්රේනය සෝවියට් සමූහාණ්ඩුවෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව ඉන්දීය අගමැතිවරයෙකු යුක්රේනයේ සංචාරය කරන පළමු අවස්ථාව ලෙසය. විදෙස් මාධ්ය පවසන්නේ අගමැති මෝදි සහ ජනාධිපති සෙලෙන්ස්කි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා…