
featureNews

මාස 9කට පසු ISS හි සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා පෘතුවියට
මාස 9කට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටි නාසා ගගනගාමී සනී විලියම්ස් සහ බුච් විල්මෝර් දෙපළ රැගත් ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානය මෙරට වේලාවෙන් අද (19) අලුයම් කාලයේදී අමෙරිකාවේ ෆ්ලොරිඩා ආසන්න මුහුදට සාර්ථකව ගොඩබැස්වීමට කටයුතු කෙරුණි. ඒ පැය 17ක දිගු ගමනකින් අනතුරුවයි. සනී සහ බුච් පැමිණි යානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳි සිටි තවත් අමෙරිකානු ගගනගාමියෙක් සහ…

කිරිපිටි මිල ඉහළට
අප්‍රේල් මස 1 වනදා සිට කිරිපිටි මිල ගණන් සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇති බව වාර්තා වේ.

ගාසා තීරයට දරුණු ප්‍රහාරයක් – දරුවන් ඇතුළු 200කට අධික පිරිසක් මරුට
සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් තිබේ. සිය ඉලක්කය හමාස් සංවිධානය බවට ඊශ්‍රායලය පැවසුවත්, එම ප්‍රහාරවලින් දැනටත් සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් මියගොස් ඇත. පසුගිය ජනවාරි 19 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමට පසු ගාසා වෙත එල්ල වූ දැවැන්තම ප්‍රහාරය ලෙස මෙම…

කටානේ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්
කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුර කලාපයේ, ජල කුලුණු හා බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව හෙට (19) උදෑසන 8 සිට එදින මධ්‍යම රාත්‍රී 12 දක්වා වූ පැය 16ක කාලය තුළ කටාන උතුර කලාපයේ ප්‍රදේශ කිහිපයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ….

ප්‍රබලයින් දෙදෙනෙක් අතර තීරණාත්මක සාකච්ඡාවක්
යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී අදාළ සාම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් යුක්‍රේන සාම ගිවිසුමට අදාළ බොහෝ කරුණු පිළිබඳව මේ වන විටත් රුසියානු ජනාධිපතිවරයා සමඟ එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…

අදානි ව්‍යාපෘතිය ගැන අලුත් කතාවක්
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ. ඉන්දියාවේ “ද හින්දු පුවත්පත” වාර්තා කර ඇත්තේ අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් අදානි සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර තවමත් සාකච්ඡා පවත්වමින් සිටින බවය. එම ව්‍යාපෘතිවල ගාස්තු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා අදාළ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා කර…

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් උදෑසන 7 සිට වර්ජනයක – තැපැල් වර්ජනය තවදුරටත්
රජයේ මංගල අයවැය හරහා රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව අද පෙරවරු 7 සිට දිවයින පුරා සියලු රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේය. පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු…

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා තෙවන 20යි 20 තරගය අතහැර දමයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තෙවන සහ අවසන් 20යි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලබාදුනි. ඒ අනුව ඔවුන් පන්දුවාර 14යි එක්පන්දුවක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 101ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාදා…

ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල අද (18) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. බස්නාහිර,…

රු කෝටි 12කට අධික දුම්වැටි තොගයක් වරායේ ගබඩාවක
නීතිවිරෝධී ලෙස මෙරටට ආනායනය කරන ලද රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් සොයාගෙන තිබේ. කොළඹ වරාය පරිශ්‍රයේ ගබඩාවක තිබී එම දුම්වැටි තොගය සොයාගෙන තිබුණේ රේගු ආදායම් කාර්ය සාධක බළකායේ නිලධාරීන් විසින්ය. එහිදී දුම්වැටි 713,000ක පමණ තොගයක් සොයාගෙන ඇත. රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දුම්වැටි එක්සත් අරාබි එමීර් රාජයේ සිට පාදුක්ක ප්‍රදේශයේ සමාගමකට ආනයනය…