Headlines

    බටලන්ද වාර්තාව බිමල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

    බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය. එහිදී බිමල් රත්නායක මහතා පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවය. මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා…

    Read More

    ග්‍රාම නිලධාරිනියන් අද සිට රාත්‍රී සේවාවලින් ඉවත් වෙයි

    ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් අද (14) දිනයේ සිට සියලු ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි. එහි කොළඹ දිස්ත්‍රික් සභාපති ශාමලී වත්සලා කුලතුංග මහත්මිය පැවසුවේ අනාරක්ෂිත හා ජනශුන්‍ය ප්‍රදේශවල පවත්වාගෙන යන කාර්යාල වසාදැමීම සහ ආරක්ෂාව තහවුරුවන ස්ථානයක සිට කාර්යාල කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවය. කෙසේවෙතත් රාත්‍රී සේවා මුරවල…

    Read More

    වැලිවේරිය වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

    වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා තිබුණි. පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කෙරුණු බවය. මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය. වෙඩි ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ වම් අතට තුවාල සිදුවී ඇති අතර වෙඩි වැදිමෙන් පසු…

    Read More

    ඇල්ල වැල්ලවාය පාර 12 කණුවෙන් අවහිර වෙයි

    අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 12 කණුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය අවහිරවී ඇති බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි. ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල, කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට ඊයේ (13) පස් කන්දක් කඩා වැටීමෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව පොලීසිය අද (14) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙයි. ඒ හේතුවෙන් ගමනාගමනය අවහිර වී…

    Read More

    අද සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

    අද (14) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

    Read More

    සමාජයට බිය නොවී යුක්තිය ඉල්ලන වෛද්‍යවරිය

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැනුම්දී තිබේ. ඒ අනුව සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය පැමිණිල්ල මගින් පොලිසීයට පවසා ඇත්තේ, “මම සේවය නිමවී රුවන්වැලිසෑයට ගොස් වැඳපුදා ගෙන නේවාසිකාගරායට පැමිණි අවස්ථාවේ තමයි මේ සිද්ධිය වුණේ. මා ලවාම නේවාසිකාගාරයේ දොර විවෘත කර ගත්තේ… බෙල්ලට පිහියක් තබා මරණ බවට තර්ජනය කරමින්. මා…

    Read More

    ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අතර හමුවක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පවත්වා තිබේ.  විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳව ද සාකච්ඡා කර ඇත.  මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට…

    Read More

    13 ගැන කියන්න මෝදි එනකන් බලා ඉන්න ශිවඥානම්

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුලදී ඔහු මුණගැසී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පවසයි. අද (13) යාපනය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ වැඩ බලන සභාපති සි. වි. කේ ශිවඥානම් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය. එළඹෙන අප්‍රේල් මාසයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරය කිරීමට නියමිත…

    Read More

    සහල් මිල ගැන නිවේදනයක්

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ. නිවේදනයේ සඳහන් වන්නේ, සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කර තිබේ ද යන්න සම්බන්ධව සිල්ලර වෙළෙඳුන් නිරන්තරයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීම් සිදුකරන බවයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය…

    Read More

    සත්ව සංගණනයේ සැබෑ හේතුව හෙළිකරයි

    සත්ව සංගණනය සම්පුර්ණයෙන් නිවැරදි දත්ත ලබාගැනීමේ අරමුණින් සිදුකරන්නක් නොවන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. අද වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු පැවසුවේ මෙමගින් ලබාගන්නා දත්ත කෘෂිකාර්මික ඵලදාව වැඩි කරගැනීම සඳහා උපයෝගී කරගැනීමට අපේක්ෂා කරන බවය. “ඇතැම් විට තවත් වටයකින් අපිට මේක බලන්න වෙයි. තව වෙලාවක් දාන්න වෙයි. යම් අදහසක් අපිට ගන්න පුළුවන් ඒත් 100%ක්…

    Read More