Headlines

    බස් රථ සැරසිලි සම්බන්ධව සොයා බැලීමට කමිටුවක්

    බස් රථ සැරසිලි සහ මොඩිෆිකේෂන් හේතුවෙන් මගී බස්රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ඇතිවිය හැකි බලපෑම අධ්‍යනය කර ඒ සම්බන්ධයෙන් විදිමත් ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෝටර් රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලබන නියෝගයන්ට අනුගතව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව වාහනවල නිර්මාණය…

    Read More

    රාජ්‍ය සේවයට නව බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    රාජ්‍ය සේවයේ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ අමාත්‍යංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදීම පිණිස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය, සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ පුරප්පාඩු 909ක්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට 109, පරිසර අමාත්‍යංශයට 144, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු…

    Read More

    ශ්‍රී ලාංකිකයින් 6160කට ඊශ්‍රායලයේ රැකියා වරම්

    ශ්‍රී ලාංකිකයින් 6,160 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ. ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව එම අවස්ථාව හිමිව ඇත.  එමෙන්ම 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකික තරුණයින් 1,082 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ…

    Read More

    පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට

    පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයෙකු වන රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට ගෙන තිබේ. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක් ලැබුණු බව පිලිපීන රජය ප්‍රකාශ කිරීමෙන් පසු හොංකොං සිට පැමිණි හිටපු ජනාධිපතිවරයා මැනිලා ගුවන් තොටුපළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඩුටර්ටේ සිය ධුරයේ සිටි කාලය තුළ, පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී මර්දනයකට නායකත්වය ලබා දී ඇති…

    Read More

    ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. 2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් මෙම නම්කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි. ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් ත්‍රස්තවාදයේ බලපෑම මත රටවල් ශ්‍රේණිගත කිරීම මෙම ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් සිදුකර…

    Read More

    2028 වසරේදී පාසල්වලට හඳුන්වාදෙන විභාගය

    2028 වසරේදී පාසල්වලට හඳුන්වාදෙන විභාගය 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් රජය ගන්නා තීරණය පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද (10) විශේෂ හෙළිදරව්වක් කළාය. එහිදී ඇය සඳහන් කර සිටියේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තුළින් දරුවාට ඇතිවන මානසික පීඩාව අවම කරන විභාගයක් 2028 වසරේදී හඳුන්වාදෙන බවය. එමෙන්ම ශිෂ්‍යත්ව විභාග තුළින් දරුවාට එන මානසික පීඩන අවම කිරීම…

    Read More

    විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල පඩි වැඩි වෙන්නේ මෙහෙමයි

    රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම යටතේ විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්යමණ්ඩලවල වැටුප් වැඩිවීම පිළිබඳව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විශේෂ අනාවරණයක් සිදු කළේය. අද (10) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අනාවරණය කළේ වැටුප් වැඩිවීමත් සමග ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ සම්පූර්ණ වැටුප රුපියල් ලක්ෂ 6 ඉක්ම වන බවය. “මේ වැටුප් වැඩිවීමේදී අපි ගත්තොත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ දැන් තියෙනව වැටුප 139,075යි නමුත් මේ වැටුප්…

    Read More

    පාසල් නිවාඩුවට සහ ශ්‍රී පාද වන්දනාවට විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

    එළැඹෙන පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුර දක්වා මෙම විශේෂ දුම්රිය ධාවන සැලසුම ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

    Read More

    අභිනව අමරපුර මහා නාහිමිට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වෙයි

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලද බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.  අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත ඊට…

    Read More

    25 වැනි IIFA සම්මාන උලෙළ

    ඉන්දියාවේ ගුජරාට් හි පැවැති 25 වැනි IIFA සම්මාන උලෙළේ වැඩි ගෞරව දිනාගැනීමට කිරන් රාවෝ ගේ Laapataa Ladies සිනමාපටය සමත්ව තිබේ. ඒ අනුව හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂවරිය, සහ හොඳම රංගන ශිල්පිනිය ඇතුළු සම්මාන 10ක් දිනාගැනීමට එම සිනමාපටය සමත් විය. මීට අමතරව හොඳන නළුවා  සම්මාන හිමිකර ගත්තේ Bhool Bhulaiya 3 සිනමාපටයේ දැක්වු රංගනය වෙනුවෙන් කාර්තික් ආර්යන් ය….

    Read More