
featureNews

බුද්ධි තොරතුරක් අනුව සිදුකළ විශේෂ වැටලීමක්
පරන්තන් ප්‍රදේශයේදී ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 400 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අයවැය විවාදය ඇරඹෙයි
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. පසුගිය ජනවාරි මස 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම හෙට (25) දිනයේ දී…

ජර්මනියේ මැතිවරණ ජය කන්සවේටිව් පක්ෂයට
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ. ඒ අනුව එම පක්ෂයේ නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජර්මනියේ මැතිවරණය ඊයේ (23) දිනයේ පැවැත්වූණි. ඒ සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණි.

කොටහේනේ වෙඩික්කරුට සහාය දුන් සැකකරුවෙකු අත්අඩංගුවට
කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා සිදුකළ ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසු ගිය 21 වනදා කොටහේන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඒ අනුව, විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ…

කඳුනැගීමේ ශූර යොහාන් පීරිස් දිවයිනට
ශ්‍රී ලාංකික කඳුනැගීමේ ශූර යොහාන් පීරිස්, ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. යොහාන් පීරිස් අලුයම 02යි 20 ට පමණ දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීමට සදහා ඔහුගේ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිට ඇති බවයි අද දෙරණ…

කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීමට නව ඩිජිටල් පහසුකමක්
කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරියේ දී නව ඩිජිටල් පහසුකමක් ලබා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඔහු පවසන්නේ කර්මාන්තකරුවන්ට තමන්ගේ දිස්ත්‍රික්කයේ සිටම ගැටලු ඇත්නම් ඒවා විසඳා ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇති බවය. රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කළේය. “කර්මාන්ත…

අද රෑ සිට ප්‍රදේශ කිහිපයකට වැසි
අද (24) දින රාත්‍රී කාලයේ සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේදී වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ…

මිද්දෙණිය ඝාතනයේ සැකකරුවන්ව රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනාගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (22) අවසර ලබාදුන්නේය. අත්අඩංගුව ගත් සැකකරුවන්ගෙන් අදාළ සිද්ධිය පිළිබඳව තවදුරටත් ප්‍රශ්නකිරීමට ඇති බව පොලීසිය අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදී ඇත. ඒ අනුව සැකකරුවන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට පොලීසියට අවසර ලබා දී තිබේ. ඉකුත් 18වනදා සිදුකළ මෙම…

ලංකාවේ අපරාධ කල්ලි ගැන වැඩබලන පොලිස්පතිගෙන් හෙළිදරව්වක්
මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. මෙම වසර තුළ පමණක් වෙඩිතැබීමේ සිද්ධීන් 17ක් වාර්තා වී ඇති බව සඳහන් කරන වැඩබලන පොලිස්පතිවරයා කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 5ක් වාර්තා වී ඇති බව සඳහන් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවත්තවෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට…

අද අලුයම බස් රථයක් ගිනි ගනී – ගින්නට හසුවී අයෙක් මරුට
අද (22) අලුයම බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. පොලීසිය සඳහන් කළේ අද අලුයම් කාලයේ උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් ගිනි ගැනීමට ලක්වී ඇති බවය. මෙම බස් රථය ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට වන්දනා නඩයක් සමඟ පැමිණි පිරිසක් මෙම විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන…