
featureNews

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත ජනවාරියේදී සුළු වශයෙන් අඩු වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2025 ජනවාරි මාසය තුළ දී 0.9%ක සුළු පහළ යාමක් වාර්තා කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන තුළින් අනාවරණය වේ. 2024 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.12 ක් ලෙසින් සටහන් ව තිබුණු අතර එය 2025 ජනවාරි…

E-8 වීසා කාණ්ඩයේ රැකියා ජාවාරමක් ගැන දැනුම්දීමක්
දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පැවසුවේ E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක්…

පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. FIFA විසින් වසර 8ක් තුළ පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව මෙයයි. ජාත්‍යන්තර පාපන්දු නිර්ණායකයන්ට අනුව පාකිස්තාන පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපොහොසත් වීම මෙම තහනම පැනවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත. 2019 වසරේ ජුනි මාසයේ සිට පාකිස්තාන පාපන්දුව FIFA විසින් පත් කරන…

වරුණ ජයසුන්දරගෙන් STF ගැලවෙයි – පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම්
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙයි. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම මාරුවීම් එළඹෙන 12 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ද ස්ථාන…

රෑට රෑට ක්‍රිෂ් ගිනිගන්න හේතුව හෙළිවෙයි
කොළඹ පිහිටි උසම ගොඩනැගිල්ල ලෙසින් සැලකෙන ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ල අවස්ථා දෙකකදී ගිනිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට මූලික විමර්ශන ආරම්භ කර ඇත. එහිදී ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ල ගිනිගැනීමට ලක්විය හැකි කරුණු කිහිපයක් ඔවුන් විසින් අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ අදාළ ගොඩනැගිල්ලේ යකඩ කොටස් ගෑස් කටර් (gas cutter) උපයෝගී කරගනිමින් අනාරක්ෂිතව කපා ඉවත්කිරීම…

USAID ශ්‍රී ලංකාවේ කළ වියදමක් ගැන අමෙරිකාවෙන් දොස්
ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට වැඩමුළු පැවැත්වීම සඳහා USAID ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක මුදලක් වැය කර ඇතැයි අමෙරිකානු රජය අනාවරණ කරයි. ට්‍රම්ප් පරිපාලනය මෙය හඳුන්වාදී තිබුණේ අමෙරිකානු ජනතාවගේ බදු මුදල් නාස්තිකරන විකාරරූපී වියදමක් ලෙසය. USAID ලොවපුරා සුබසාධන සහ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට මුදල් වෙන්කළ ප්‍රධාන ස්වාධීන ආයතනයකි. වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය යටතේ එම ආයතනයේ කාර්යමණ්ඩලය…

ලුණු අර්බුදය උග්‍ර වෙයි ද ?
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන අංශය බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ මේ හේතුවෙන් රටේ ලුණු හිඟය තවත් උග්‍රවනු ඇති බවය. ලුණු ආනයනය කිරීම සඳහා ලබා දී ඇති කාලසීමාව මේ මස 28 වනදායින් අවසන් වන බවද ගණක අමරසිංහ…

අද දින සිට නුවරඑළියට මල්තුහීන
අද (8) දින සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කෙසේ නමුත් අද දිනයේ ද දිවයිනේ බොහෝ…

DeepSeek තහනම් කිරීම පිළිබඳ චීනයෙන් ප්‍රතිචාර
අමෙරිකාව, ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් චීනයේ DeepSeek නම් AI යෙදවුම භාවිතකිරීම අවදානම් යැයි පවසමින් එම යෙදවුම තහනම් කිරීමට ගෙන ඇති තීරණයට චීනය සිය ප්‍රතිචාර දක්වා තිබේ. දත්ත පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව චීන රජය ඉතා වැදගත් කොට සලකන බවත්, එහි නීත්‍යානුකූල බව සහතික කරන බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා…
කුරුණෑගල – පුත්තලම මාර්ගය වසාදැමීම පිළිබඳ දැනුම්දීමක්
පුත්තලම දුම්රිය මාර්ගයේ සැතපුම් 83 දම්වැල් 55 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කුරුණෑගල – පුත්තලම මාර්ගයේ එම ප්‍රදේශය අද (7) දිනය සම්පූර්ණයෙන් වසාදැමීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. මෙම අළුත්වැඩියා කටයුතු හේතුවෙන් ඊයේ දිනයේද මෙම ප්‍රදේශය වසා දමා තිබුණි. මේ පිළිබඳ නිවේදනයක් නිකුත්කරමින් දුම්රිය සේවය වැඩිදුරටත් පවසා සිටියේ, හෙට…