Headlines

    ට්‍රම්ප්ගේ අලුත්ම විධායක නියෝගය

    සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට, කාන්තා ක්‍රීඩාවලට සහභාගිවීම තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. ඒ ඊට අදාළ විධායක නියෝගය ඊයේ (05) අත්සන් තබමිනි. එම අවස්ථාවට ළාබාල ක්‍රීඩිකාවන් පිරිසක් ද එක්ව සිටියේය. මෙය ජනවාරි 20 වනදා ඔහු බලයට පත්වීමෙන් පසු අත්සන් කළ සිව්වන විධායක නියෝගය බව සඳහන් වේ. මෙහිදී අගෝස්තු මාසයේ පැරිස් ඔලිම්පික් උළෙලේ ලිංගභේදය…

    Read More

    මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ FR පෙත්සම සලකා බැලීමට දින දෙයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඒ මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (06) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන්…

    Read More

    වායු දුෂණයෙන් ලොව පුරා මියයන පුද්ගලයින් ගණන ඉහළට

    වායු දූෂණයත් සමග ඇති වන විවිධ රෝගාබාධ හේතුවෙන් ලොව පුරා මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසුවේ, වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 70ක පමණ පිරිසක් වායු දූෂණය හේතුවෙන් ඇති වන ශ්වසන රෝගාබාධ මත මිය යන බවට සිදුකළ සමීක්ෂණවලින් අනාවරණය…

    Read More

    මහාචාර්ය නීලිකා මලවිගේට ජාත්‍යන්තරයේ ඉහළ තනතුරක්

    ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත් කර තිබේ. ඒ අනුව ඇය 2027 වර්ෂයේ සිට අදාළ ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපති ධුරය වසර දෙකක කාලයක් පවතී. බෝවන රෝග ක්ෂේත්‍රයට ලබා දී ඇති දායකත්වය සැලකිල්ලට ගනිමින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අදාළ…

    Read More

    රට ලුණු අද සිට වෙළෙඳපොළේ

    ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසයි. ඒ අනුව වෙළෙඳපොළ තුළ පවතින ලුණු මිල ගණන් ද යම් වැඩිවීමක් සිදුවනු ඇති බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා සඳහන් කළේය. මෙරට ලුණු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට…

    Read More

    රැකියා ඇබෑර්තු දැන්වීම් මඟින් පුද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක්

    රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි සිදුවීම් රැසක් වාර්තා වී ඇති බවය. සිය ලාංඡනය යොදාගෙන…

    Read More

    අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

    ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වැඩිදුරටත් දැනුම් දී…

    Read More

    පළමු වරට සල්ලි දීලා පාර්ලිමේන්තුවෙන් කන මන්ත්‍රීවරු

    අද (05) දින සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය ආහාර සඳහා රුපියල් 2,000ක මුදලක් ගෙවීමට සිදුවේ. පාර්ලිමේන්තුවේ ආහාර මිල ඉහළ නැංවීම මේ මස පළමු වන දින සිට ක්‍රියාත්මක වුව ද මේ මාසය සඳහා පාර්ලිමේන්තුව රැස් වූයේ අද දිනයේ වන බැවින් මන්ත්‍රීවරුන්ට සිය ආහාර සඳහා අදාළ ගාස්තුවට ගෙවීමට සිදුවනු ඇත. පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල…

    Read More

    කර්මාන්ත සඳහා පොල් ආනයනයට අවසර

    පොල් ගෙඩි මිලියන 200ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පොල් ගෙඩි මිලියන 200කට සමාන ධාරිතාවකින් යුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් සහ පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන) ආනයනය කිරීමට අවසර හිමි වේ. මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙළෙඳපොළේ උද්ගත වී ඇති පොල්…

    Read More

    සාක්ෂි දෙන්න අධිකරණයට ආ ඇමති විජිත

    සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව අමාත්‍ය විජිත හේරත් මහතා අද (05) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය. කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගත්තේය. එහිදී සාක්ෂි ලබාදුන් අමාත්‍ය විජිත හේරත් මහතා මහජන නියෝජිතයකු වශයෙන් කටයුතු කරන තමන්ට මහජනතාව මෙන්ම විවිධ පාර්ශ්වයන්ගෙන්…

    Read More