Headlines

    අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි

    ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුව තිබේ. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම  ජාතික අභියෝගවලට මුහුණදීමේ සහ රටතුළ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙරට තාක්ෂණික, වෘත්තීය…

    Read More

    අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

    නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, උතුරු-මැද,  ඌව  සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. බස්නාහිර පළාතෙත්…

    Read More

    මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

    මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙහිවල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට හානි සිදුවීමක් හේතුවෙන් මෙලෙස මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බවය. 

    Read More

    දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරේ

    දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපක් සඳහා පූර්ව නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ ඊයේ (20) පස්වරු 4.00 සිට හෙට (21) පස්වරු 4.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, විල්ගමුව, යටවත්ත, උකුවෙල යන ප්‍රාදේශීය…

    Read More

    අධික වැසි හමුවේ ප්‍රධාන වැව් රැසක් වාන් දමයි

    මේ වන විට ඇද හැළෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ බොහොමයක් වාන් දමමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයින පුරා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන වැව් 73න් 55ක් මේ වන විට වාන් දමමින් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 60කට අධික…

    Read More

    කොළඹ කොටස් වෙළෙඳපොළින් ඊයෙත් වාර්තාවක්

    කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනීය ප්‍රවණතාවය තවදුරටත් පවත්වා ගනිමින් ඊෙය් (20) දිනයේ දීද මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 115.84 කින් ඉහළ ගොස් ඒකක 16,373.15 ක් ලෙසින් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය නැවත වරක් අලුත් කරන ලදී. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 30.37කින් ඉහළ…

    Read More

    කුෂ් මත්ද්‍රව්‍ය ගෙනා දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

    ගුවන් මගින් කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන ආ දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) රාත්‍රියේ මොවුන් සිංගප්පූරුවේ බැංකොක් සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් පැමිණ තිබුණි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31ක් වන බොරපොළ මහඔය ප්‍රදේශයේ පදිංචිකාරියක් සහ අවුරුදු 29ක් වූ කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකාර කාන්තාව සතුව කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03යි…

    Read More

    WHO වෙතින් අමෙරිකාව ඉවත් කිරීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

    එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය මගින් පවසා ඇත්තේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කෝවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බවය. මෙම පියවර හේතුවෙන් එක්සත් ජනපදය මාස 12කින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන අතර එහි කටයුතු සඳහා වන සියලුම මූල්‍ය…

    Read More

    ජාතික යොවුන් සේනාංකයට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

    ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල මහතා පත් කර තිබේ. ඔහු ඊයේ (20) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ අතින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ දී සිය තනතුරේ පත්වීම් ලිපිය ලබා ගත්තේය.  ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස සේවය කොට වසර තිහකට වැඩි අත්දැකීම් ඇති ගාමිණී වික්‍රමපාල මහතා,…

    Read More

    ආපදාවෙන් දිස්ත්‍රික්ක 15කට බලපෑම්

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 6785කට අයත් පුද්ගලයින්  20,300 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවය. ආපදාවෙන් මියයෑම් 2ක් සිදුව ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා තිබේ. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී වසා දැමුණු මහනුවර…

    Read More