featureNews
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් දැනුම්දීමක්
මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චරුක දමුනුපොළ මහතා පැවසුවේ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවය. “මේ දිනවල ඔබේ ජංගම දුරකථනයට ව්‍යාජ පණිවුඩ ලැබෙන්න පුළුවන්. මේ ඔස්සේ තෑගි මුදල් දිනා ඇති…
දක්ෂිණ අධිවේගයේ සංචාරකයන් රැගත් බස් රථයක් ලොරියක ගැටෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී රුසියානු සංචාරකයන් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක පිටුපස ගැටී අද (17) අලුයම අනතුරක් සිදුව තිබේ. අනතුරෙන් බස් රථයේ රියදුරු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, බස් රථයේ ගමන්කළ තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබේ. බස් රථය කළුතර සිට ඇල්ල බලා දක්ෂිණ අධිවේගි…
උදයංග වීරතුංගට ඇප
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (17) ඇප මත මුදාහැර තිබේ. නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ ශරීර ඇප 2ක් මත උදයංග වීරතුංග මහතා මුදාහැර තිබේ. අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය සිදුකළ පරීක්ෂණයකට අනුව ඔහු පසුගිය 10 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…
හිටපු ජනාධිපති ගෝඨාභයට CIDයෙන් කැඳවීමක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව සඳහන්ය. මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාටද අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
ණය නිසා හිර වුණු අයට සහන පැකේජයක්
ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා රජය විසින් සහන පැකේජයක් සැලසුම් කර තිබේ. මෙම සහන පැකේජය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා බැංකු සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියෝජිතයන් සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කරමින් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ…
ජනපතිගේ චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අද
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරයේ සාර්ථක අවසන් දිනය සනිටුහන් කරමින් අද (17) දිනයේ චීනයේ චන්දු ප්‍රදේශයේ විද්‍යුත් නිෂ්පාදන කර්මාන්තශාලා කිහිපයක් නැරඹීමට නියමිතය. ඉන් අනතුරුව දුප්පත්කම තුරන් කිරීම සම්බන්ධයෙන් වන ආදර්ශ ගම්මානයක් නැරඹීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් Wang Xiaohui මහතා හමුවන ජනාධිපති…
ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ එකඟතාවක්
ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා හමාස් සංවිධානය සමග එකඟතාවකට පැමිණි බව ඊශ්‍රායල අගමැති කාර්යාලය තහවුරු කර තිබේ. මාස 15ක යුද්ධය අවසන් කරමින් සටන් විරාමයක් ඇති කරගැනීමට දෙපාර්ශ්වය මීට පෙර සූදානම් වුවත්, අවසන් මොහොතේ ඇති වූ ගැටළු කිහිපයක් එය ක්‍රියාත්මක වීම මේ දක්වා අවිනිෂ්චිත වී ඇත. මේ අතර ඊශ්‍රායලයේ ආරක්ෂක මණ්ඩලය අද…
විදුලි ගාස්තුව ගැන PUCSL අවසන් තීරණය අද
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අවසන් වාර්තාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. ඉදිරි මාස 6 සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකර පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතු බවට විදුලි බලමණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත්කර තිබුණි. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන්ද ඊට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව එම යෝජනා සැලකිල්ලට…
ගල්ඔය බැම්ම කැඩී යාමේ අවදානම තවදුරටත්
ගල්ඔයේ ඉවුරු බිඳීයාමේ අවදානම හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකළ අම්පාර, සේනානායකපුර, සාමපුර සහ සුදුවැල්ල යන ගම්මානවල පවුල් 44ක පුද්ගලයින් 135 දෙනෙකු තවදුරටත් එහි රඳවා තිබේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග මේ වනවිට අම්පාර සේනානායක සමුද්‍රය වාන් මට්ටමට ආසන්න වෙමින් පවතින අතර, එසේ වුවහොත් එහි ජලය මුදාහැරෙන්නේ ගල්ඔයටයි. අක්කර අඩි 770,000ක ධාරිතාවයකින් යුතු සේනානායක සමුද්‍රයේ…
වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිරදඬුවම් නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය…