Headlines

    ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට

    පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු හෙට (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ උසස් නිලධාරියෙකු ඇතුළු කිහිපදෙනෙකුට එම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ. මීට පෙර ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්…

    Read More

    ගංවතුරෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි මේ මස අවසානයේදී

    පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් හානිවූ වගාවන් සඳහා වන්දි මේ මස අවසානයේ ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළේ වගා හානි  පිලිබද තක්සේරු කිරීම් සියයට 95ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවය. යාපනය, කිළිනොච්චිය, ත්‍රිකුණාමලය සහ මන්නාරම ආදී ප්‍රදේශවල වගා හානි තක්සේරුකිරීම් මේ වන…

    Read More

    ඩිජිටල් ID එක අද හෙටම

    ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය. අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, අලුතින් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා කියා සිටියේය. මේ වනවිටත් හැඳුනුම්පත් ලබාගැනීමේ විශාල පරක්කුවක් පවතින බැවින් එය අවම කිරීමට මේ තුළින්…

    Read More

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) උදෑසන 6:00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (15) උදෑසන 6:00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නිවේදනයෙන් කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී…

    Read More

    තෛපොංගල් දිනය අදයි

    හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ. ලොවපුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සැමරීම සිදුකරනු ලබයි. සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ විශේෂත්වයයි. හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද…

    Read More

    ජපානයට භූ කම්පනයක්

    ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හටගෙන තිබේ. ඒ අනුව එරට ප්‍රාන්ත දෙකක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පියවර ගෙන තිබේ. භූමිකම්පාව සැතපුම් 23ක් ගැඹුරින් සිදුව ඇති අතර එය ප්‍රධාන වශයෙන් නිරිතදිග කියුෂු කලාපයට බලපා ඇති බවත් සඳහන් වේ. එරට දේශීය වේලාවෙන් රාත්‍රි 9.19ට මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති…

    Read More

    මුඛ ද්‍රාවණ ටෙන්ඩරය ගැන SPCයෙන් පැහැදිලි කිරීමක්

    අසාදු ලේඛනගත සමාගමකට මුඛ ද්‍රාවණ ටෙන්ඩරයක් ලබාදීම ගැන රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව මගින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව සඳහන් කරන්නේ, අසාදු ලේඛනගත සමාගමකට මුඛ ද්‍රාවණ ටෙන්ඩරයක් ලබාදීම ගැන මාධ්‍ය මගින් පළවූ වාර්තා අසත්‍ය බවය. අදාළ තොරතුරු නිවැරදි කරමින් ඖෂධ නිතිගත සංස්ථාව සඳහන් කරන්නේ, අදාළ ඇණවුම වෛද්‍ය සැපයුම් අංශය විසින් සිදු කරන ලද…

    Read More

    කෝටි 4ක අයිස් මත්ද්‍රව්‍ය කොරතොටින් සොයාගනී

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු කොරතොට, වැලිහින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු නවගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍යවලට අමතරව හෙරෝයින් ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් තිබී සොයා ගත් බව පොලීසිය පවසයි. පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 04කට අධික බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර…

    Read More

    ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීමක්

    ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (13) පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, පස්සර, හාලිඇල, බදුල්ල මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, උඩුදුම්බර, කුරෑණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත යන…

    Read More

    ගුරුවරුන්ට මහින්ද ජයසිංහ දුන් සුබ ආරංචිය

    ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ සේවාවන් 05ක් ඉහළම වැටුප් ලබන තල 10 අතරට ගෙන ඒමට අදාළ ක්‍රියාමාර්ග රජය විසින් ගනිමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා මේ…

    Read More