featureNews
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබේ. අද (13) පස්වරු 4ට නිකුත් කළ එහි දැක්වෙන්නේ නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. එමෙන්ම නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ…
ගින්නෙන් ගැලවුණ විස්මය – මියගිය ගණන තවත් ඉහළට
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැතිර යන ලැව්ගින්නෙන් මියගිය පිරිස 24 දක්වා ඉහළ ගොස් තිබේ. අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම ලැව්ගින්න ලෙස වාර්තා අතරට එක්ව ඇති පැසිෆික් පැලිසේඩ් ලැව්ගිනි ආරම්භ වී මේ වනවිට දින 6ක කාලයක් ගත වී තිබේ. ලැව්ගිනි පාලනයට අදාළ අංශ දැඩි පරිශ්‍රමයක් දරණ පසුබිමක වුවත් ඒවා සම්පූර්ණයෙන් පාලනය කිරීමට ඔවුන් මෙතෙක් සමත්ව නැහැ. ඒ අනුව මේ…
අලුත් සහල් මංගල්‍යය දළදා මාලිගාවේදි පැවැත්වෙයි
වාර්ෂිකව පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වුණි. ඒ වසරේ වසරේ පළමු වන පසළොස්වක පොහෝ දින වන උතුම් දුරුතු පොහොය දිනය වන අද (13) දිනයේදීයි. ශ්‍රී දළදා මාලිගාව සතු නින්දගම්වලින් ලැබෙන අස්වැන්නේ පළමු වන අග්‍ර භාගය අතීතයේ සිටම දුරුතු පොහෝ දින දළඳා සමිඳුන් වෙත පූජා කිරීම සිදුවේ. ඒ අනුව අද දිනයේදී ද ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන්…
ඖෂධ පරීක්ෂාගාර කිහිපයක් ඉදිකිරීමට රජයේ අවධානය
ඖෂධ පරීක්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂාගාර කිහිපයක් ඉදිරියේ දී ඉදිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. අසාදුගත සමාගමක් ඖෂධ ආනයනයන කිරීම සම්බන්ධයෙන් ද එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය. මහනුවර ප්‍රදේශයේ මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට සෞඛ්‍ය අමාතංශයේ ලේකම්…
පාප් වහන්සේට අමෙරිකාවෙන් විශිෂ්ටතා නිදහස් පදක්කමක්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත අමෙරිකානු නිදහස් පදක්කම ප්‍රදානය කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබේ. දුරකතනය ඔස්සේ පාප් වහන්සේ අමතමින් බයිඩ්න් එම තීරණය දැනුම් දී තිබුණි. අමෙරිකාව, සිවිල් වැසියෙකුට ලබාදෙන උසස්ම සම්මානය මෙය වන අතර, මෙහිදී පාප් වහන්සේ වෙත ප්‍රදානය කර ඇත්තේ විශිෂ්ටතා නිදහස් පදක්කමයි.
වාහන මත පැනවෙන ආනයන බදු 500% ඉක්මවා ඉහළ යන ලකුණු
මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ, එලෙස වාහන මිල ගණන්වල වැඩිවීම කෙරෙහි වැට් ඇතුළු තවත් බදු වර්ග තුනක් ද බලපා ඇති බවය. “වාහනයේ වටිනාකම මත විශේෂ ආනයන බද්දක් පවතිනවා. ඊට…
ශ්‍රී ලංකාවෙන් ලකුණු 291ක ඉලක්කයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය අවසන් කරමින් ඕක්ලන්ඩ්හිදී අද (11) පැවැත්වෙන තෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව පූර්ණ තරගාවලි ජයක් සම්පූර්ණ කරගැනීමට සඳහා සත්කාර නවසීලන්ත කණ්ඩායමට ලකුණු 291ක ඉලක්කයක් හිමිවිය. ශ්‍රී ලංකා ඉනිමට ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාදුන් පැතුම් නිස්සංක වේගවත්…
රටින් ගෙනා සහල් ප්‍රමාණය ගැන හෙළිදරව්වක්
සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි. ඊයේ දහවල් වනවිට මෙරටට ආනයනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 149,000ක්. මෙරට වෙළෙඳපොළේ නාඩු සහ කැකුළු සහල් හිඟයක් මතුවූ පසුබිමක සහල් ආනයනය කිරීම සඳහා රජය ආනයනකරුවන්ට විශේෂ අවසරයක් ලබාදුනි. එම අවසරය හිමිවූ පසුගිය දෙසැම්බර් 4වනදා සිට මේ දක්වා රේගුවෙන් නිෂ්කාශනය කර ඇති සමස්ත…
මාරාන්තික ළැව් ගිනි මැද අමෙරිකාවේ භූ කම්පනයක්
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ඊයේ (10) සුළු භූ කම්පන තත්ත්වයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොස් ඇන්ජලීස්හි පැතිර යමින් තිබෙන මාරාන්තික ළැව් ගිනි සමගින් අමෙරිකාව සටන්කරමින් සිටින අතරතුර ඔවුන්ට මෙම භූ කම්පනයට මුහුණදීමට සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ලොස් ඇන්ජලීස් හි ළැව් ගිනි පැතිර ප්‍රදේශයේ සිට සැතපුම් 350ක පමණ දුරකින් මෙම භූ…
T20 යොවුන් ලෝක කුසලානයට ශ්‍රී ලංකාව පිටත්ව යයි
මැලේසියාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය. කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්මෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩාකරනු ලබයි. එම කාණ්ඩයට සත්කාරක මැලේසියාව, බ.ඉ. කොදෙව් සහ ඉන්දියාව ඇතුළත්ව ඇත. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය…